Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,201
Total Topics
630
  • Defender එකේ maintenance cost ඇත්තටම කොච්චර වෙනවද?
    Started by Sinith001
    Read 417 times
    Previous topic - Next topic
Social media වල එක එක කතා තියෙනවා. සමහරු කියනවා maintenance වැඩියි කියලා, තවත් අය කියනවා හොඳට maintain කරනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා. ඔයාලගේ monthly හෝ yearly maintenance cost කොච්චර වගේද?

Ado, daily drive කරනවා නම් මාසෙකට 25k–30k වගේ පැත්තකින් තියපන්. Regular service නම් අවුලක් නෑ, හැබැයි suspension බුෂ් ටිකයි, hub seal ටිකයි සෙට් වුණාම තමයි පොකට් එකට වදින්නේ. Preventive maintenance තමයි එකම විසඳුම!

Amantha කිව්වා වගේ daily drive කරනවා නම් මාසෙකට 25k–30k budget එකක් තියාගන්න එක තමයි safe. Fluid changes, greasing වගේ basic servicing වලට ලොකු ගාණක් යන්නේ නැති වුණාට suspensión bushes, hub seals, water pump, හරි clutch release bearing වගේ repair එකක් ආවොත් එක පාර 50k-100k+ පනිනවා. ඒ නිසා regular preventive maintenance ටික වෙලාවට කරලා, OES parts පාවිච්චි කලොත් ලොකු breakdown වෙන එක නවත්තගෙන yearly average cost එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.