Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,492
Total Topics
760
  • Defender එකකට Parts Import කරනකොට එකටම order කරගන්න හොඳ parts මොනවාද?
    Started by DineshBalakirushnan
    Read 435 times
    Previous topic - Next topic
Small individual orders වල shipping cost වැඩි වෙන්න පුළුවන්. Regular maintenance parts කිහිපයක් එක shipment එකකින් ගෙන්වාගෙන money save කරපු experience තියෙනවද?

මචං දිනේෂ්, UK වලින් (Paddock, Rimmer Bros, LR Direct වගේ සයිට්ස් වලින්) බඩු ගෙන්නද්දී කෑල්ලෙන් කෑල්ල ගෙන්නනවට වඩා එකම ෂිප්මන්ට් එකකින් ගෙන්නන එක පට්ටම ලාභයි. බර අඩු, නිතරම ඕන වෙන මේ ටික එක පාරම දාගන්න බලන්න:

Service Kit: Oil, Air, Fuel filters සහ Injector washers/O-rings සෙට් එකම.

Bushes & Seals: Radius arm bushes, A-frame bushes සහ Swivel hub seals (ලංකාවේ පාරවල් වලට මේවා ඉක්මනට යනවා).

Belts & Hoses: Fan belt (Serpentine belt) එකයි, පොඩි coolant hoses ටිකයි.

Small Clips & Rubbers: Door seals, interior trim clips සහ Wiper blades (බර අඩු නිසා ෂිපින් වලට ලොකු ගාණක් යන්නේ නෑ).

ඔය ටික එක පාර ගෙන්න ගත්තම මාස ගාණකට බය නැතුව දුවන්න පුළුවන්. තව කට්ටිය ගෙන්නපු items තියෙනවා නම් මේකටම දාමු!