Land Rover Defender Sri Lanka

How-To Guides & Defender Resources => Tool Talk & Workshop Setups => Topic started by: Dhanuka_peiris01 on Aug 17, 2026, 04:46 PM

Title: Workshop Air Compressor,Air Tools: Defender Garage එකකට කොච්චර Capacity එකක් ඕනද
Post by: Dhanuka_peiris01 on Aug 17, 2026, 04:46 PM
කොල්ලනේ, ගෙදර පොඩි Workshop setup එකක් හදාගෙන Air tools (Impact Wrench, Air Ratchet, Spray Gun, Tire Inflator) run කරන්න Air Compressor එකක් ගන්න බැලුවේ. Defender එකක Heavy-duty bolts ගලවන්නයි, Chassis painting / Undercoating වැඩ කරගන්නයි Minimum Tank Capacity එක (Liters) සහ HP (Horsepower) එක කොච්චර වෙන්න ඕනද?

Direct Drive ද, Belt Drive ද වඩා හොඳ? Brand recommendations සහ ලංකාවේ ගන්න තියෙන තැන් ගැන විස්තර ටිකක් කියමු බලන්න!
Title: Re: Workshop Air Compressor,Air Tools: Defender Garage එකකට කොච්චර Capacity එකක් ඕනද
Post by: Black_beast on Aug 18, 2026, 01:00 PM
100% Belt Drive තමයි මචං! Chassis undercoat ගහද්දී සහ 1/2 inch impact gun එකෙන් stubborn suspension bolts ගලවද්දී ලොකු CFM පාරක් ඕන වෙනවා.

100 Liters, 3HP Belt Drive compressor එකක් ගත්තා නම් ඕනම DIY Defender project එකක් ගෙදරදී නතින්ග්. පංචිකාවත්තේ හෝ පිටකොටුවේ 1st Cross Street එකේ hardware කඩවල හොඳ Swan / Euro-type belt-driven units ගන්න තියෙනවා. Moisture filter / Regulator kit එකක් අනිවාර්යයෙන්ම air line එකට දාගනින්! 👍