Land Rover Defender Sri Lanka

4x4 Trails, Off-Roading & Overlanding in Sri Lanka => Sri Lanka Off-Road Trails => Topic started by: Varuni_De_Alwis on Jul 16, 2026, 06:52 PM

Title: Defender එක mud එකේ හිරවෙලා recovery rope එක හොයපු අය කවුද?
Post by: Varuni_De_Alwis on Jul 16, 2026, 06:52 PM
අත උස්සන්න බලමු... 🙋�♂️ ඔයාලා ගිය toughest off-road trail එක මොකක්ද? Vehicle එක stock ද? Modified ද? අන්තිමට Defender එක දිනුවද... නැත්නම් trail එක දිනුවද? 😆 Story එක comments වලට දාන්න
Title: Re: Defender එක mud එකේ හිරවෙලා recovery rope එක හොයපු අය කවුද?
Post by: kavin_RoverKing on Aug 10, 2026, 09:23 AM
මචං, එක පාරක් estate road එකක mud patch එකක් "easy එකක්" කියලා හිතලා ගියා. Defender එක half way ගිහින් දෙපැත්තම sink වුණා. 😅 Recovery rope එක boot එකේ තිබ්බා, හැබැයි ඒක උඩ camping gear, cooler box, toolbox, chairs... ඔක්කොම. අන්තිමට rope එක හොයන්න ගියාම mud එකට වඩා කට්ටියගේ හිනා එක dangerous වුණා. 😂 Lesson learned: recovery rope එක තියෙන්න ඕන accessible place එකක, photo ගන්න කලින් exit plan එකක් තියෙන්නත් ඕන.