Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Sinith001 on Jun 13, 2026, 12:10 AM

Title: දුර ගමන් අත්දැකීම්
Post by: Sinith001 on Jun 13, 2026, 12:10 AM
මචංලා, Defender එකෙන් ලංකාව වටේ දුර ගමන් ගියපු අය ඉන්නවද?

යාපනය, අරුගම්බේ, යාල, ඇල්ල වගේ ට්‍රිප් වලට Defender එකේ comfort එක කොහොමද?
දුර ගමනකට කලින් අනිවාර්යයෙන්ම අරගෙන යන දේවල් මොනවද?
Tool kit, spare parts, recovery gear වගේ දේවල් මොනවා තිබ්බොත් හොඳයි කියලා හිතෙන්නේ?

ඔයාලගේ long-distance trip experience එක share කරන්න. ගියපු තැන්, මුහුණ දුන්නු challenges සහ tips ටිකත් comment කරන්න.
Title: Re: දුර ගමන් අත්දැකීම්
Post by: M10_defender on Jun 15, 2026, 07:12 PM
මම නම් Defender එකෙන් යාපනයයි, ඇල්ලයි ගිහින් තියෙනවා. Comfort එක SUV එකක් තරම් නැති වුණත්, Defender එකේම තියෙන driving feel එක නිසා ගමන enjoy කරන්න පුළුවන්.

Long trip එකකට යනකොට basic tool kit එකක්, spare belts, engine oil ටිකක්, coolant, tyre repair kit එකක් සහ recovery strap එකක් අරන් යනවා. Vehicle එක හොඳ condition එකේ තියෙනවනම් ලොකු අවුලක් නෑ.
මගේ අත්දැකීමෙන් නම් trip එකට කලින් full inspection එකක් කරගන්න එක තමයි වැදගත්ම දේ. එතකොට අතරමග surprises අඩුයි.