Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Tharindu_Kasun on Jun 12, 2026, 03:25 PM

Title: Mods කරාම Defender එකේ resale value වැඩිවෙනවාද, අඩුවෙනවද?
Post by: Tharindu_Kasun on Jun 12, 2026, 03:25 PM
මචං Heavy modification කරපු Defender එකක් විකුනන්න ගියොත්- buyers attract වෙනවද, නැත්තන් put off වෙනවද? Real experience share කරන්න.
Title: Re: Mods කරාම Defender එකේ resale value වැඩිවෙනවාද, අඩුවෙනවද?
Post by: Amantha_Puththa on Jun 15, 2026, 04:50 PM
මචන්, මේකේ  දෙපත්තක්ම තියෙනවා. Heavy mods කරාම attract වෙන buyerslaත් ඉන්නවා,  හැබැයි buyer pool එක ගොඩක් පොඩි වෙනවා. ගොඩක් අය stock එකට ළග Defender එකක් තමයි හොයන්නේ. අනික heavy mods දැක්කම "off road abuse කරලා ඇතිද?" කියලත් හිතනවා. Quality parts දාලා  clean build එකක් නම් හොද resale එකක් ගන්න පුළුවන්. හැබැයි over-modify කරොත් resale value එක වැඩි වෙනවට වඩා අඩුවෙන්නත් ඉඩ තියෙනවා 🔥
Title: Re: Mods කරාම Defender එකේ resale value වැඩිවෙනවාද, අඩුවෙනවද?
Post by: Shalitha_DK on Jun 15, 2026, 06:58 PM
Modification කරපු Defender එකක් වුණත්, වැඩ ටික හරියට කරලා තියෙනවනම් ගන්න කැමති අය ගොඩක් ඉන්නවා. හැබැයි modifications වලට වඩා buyersලා බලන්නේ vehicle එකේ තත්ත්වය, maintenance history එක සහ දිනපතා පාවිච්චියට කොච්චර විශ්වාසදායකද කියන එකයි.