Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Tharindu_Kasun on Jul 07, 2026, 09:42 AM

Title: පරණ Defender එකක් ගොඩදාන්න අඩු වියදම් tricks? 🛠️
Post by: Tharindu_Kasun on Jul 07, 2026, 09:42 AM
මචන්ලා, පරණ 300Tdi හෝ TD5 එකක් නඩත්තු කරද්දී genuine Land Rover කෑලිම හොයන්න ගියාම වෙලාවකට පිස්සු හැදෙනවා, ගණන් අහලා ඇඟ හිරිවටෙනවා.
හැබැයි මම දන්න විදියට ලංකාවේ market එකේ තියෙන වෙනත් ජනප්‍රිය වාහනවල (Toyota, Mitsubishi, Nissan) සමහර  කෑලි (උදාහරණෙකට: alternator brushes, brake pads, filters, hoses හෝ suspension bushes) සුළු වෙනස්කම් එක්ක හෝ direct අපේ පරණ Defender වලට match කරන්න පුළුවන්.

ඔයාලා ඔහොම දාපු සිරා cross-matching parts මොනවාද? Budget එක ඉතුරු කරගෙන, quality එකත් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ practical tips පල්ලෙහායින් දාමු!

Title: Re: පරණ Defender එකක් ගොඩදාන්න අඩු වියදම් tricks? 🛠️
Post by: M10_defender on Jul 11, 2026, 10:00 AM
මගේ experience එකෙන් නම් service items වගේ filters, belts, brake pads සහ bearings වල හොඳ OEM quality parts use කරාම ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ, cost එකත් හොඳට save වුණා. හැබැයි suspension, steering සහ brake system වගේ safety-related parts වල නම් quality එක අඩු කරන්න එපා. Cross-match කරනවනම් part number එක verify කරලා, Defender ගැන දන්න mechanic කෙනෙක් එක්ක confirm කරගෙන දාන එක තමයි safest option.
Title: Re: පරණ Defender එකක් ගොඩදාන්න අඩු වියදම් tricks? 🛠️
Post by: Bhagya_Sandun on Jul 13, 2026, 11:21 AM
සිරාවටම මචං, Genuine කෑලි හොයන්න ගියොත් වකුගඩුවක් තමයි විකුණන්න වෙන්නේ! 300Tdi එකේ එකේ clutch cylinder ලෙඩ දුන්නම මගේ බාස් නම්  කරන්නේ Toyota LN106 repair kit එකක් දාලා ෂේප් කරන එක. සත පහක වියදමක් යන්නේ නෑ, වැඩෙත් ගින්දර වගේ කෙරෙනවා.