Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,107
Total Topics
591
  • Defender L663 - Village road experience ලංකාවේ
    Started by Tharindu_Kasun
    Read 1,494 times
    Previous topic - Next topic
මචං, අනුරාධපුර පැත්තේ trip එකක් ගියා. පාරවල් පටුයි, එක වාහනයක් විතරක් යන්න පුළුවන් පාලම්, kuburu අයිනේ පාරවල් ගොඩක් තියෙන්නේ. tuk එකක් cross වෙන්නවත් ටිකක් පරිස්සම් වෙන්න ඕන.
L663 එකේ ප්‍රමාණය ඒ පාරවල් වලට ගැලපෙයිද කියලා ඇත්තටම ටිකක් බය හිතුණා. ආරක්ෂාවට mirrors ටිකත් flod කරගත්තා 😅
මගක් යද්දී අනිත් පැත්තෙන් ලොරියක් ආවා මචන්, දෙන්නටම එකවර pass වෙන්න බැරි නිසා ලොරියේ driver මහත්තයා reverse කරලා හන්දියක් ළගට ගිහින් ඉඩ දුන්නා.🙏
පාරේ හිටපු අයත් මෙච්චර ලොකු වාහනයක් කොහොමද මේ පාරේ යන්නේ වගේ බැල්මෙන් බලාගෙන හිටියේ .
හැබැයි අඩුවේගෙන් හොඳට steering control කරගෙන, parking sensors වලත් විශ්වාසය තියාගෙන කොහොමහරි pass වුණා.

ඒත් concentration නම් 100% ඕනේ 💯
හැබැයි එක දෙයක් කියන්න ඕනේ,  Defender එකක් එක්ක ගම්මාන පාරක යන experience එක නම් වටිනවා 🔥

අම්මෝ සිරාවටම මචං! ඔය වගේ කැඩිච්ච ගම්මැද්දේ පාරවල් වල යද්දී තමයි L663 එකේ air suspension එකේ වටිනාකම තේරෙන්නේ. පරණ Defender එකක ගියා නම් ඇඟේ කටු ඇනෙනවා වගේ ගැස්සෙනවා, හැබැයි මචන් මේකේ නිකන් carpet පාරක යනවා වගේ සනීපෙට යන්න පුළුවන් බන්

සිරාවටම මචන්, ඕකේ තියෙන Air Suspension එක නම් වෙනම ලෙවල් එකක්! ගිය මාසේ L663 එකකින් මීමුරෙ පැත්තේ ගියා. පරණ 110 වගේ ඇඟ ඇතුලේ කෑලි බෑලි හැලෙන්නේ නැහැ බන්, අර කුඩු වෙච්ච වළවල් පාරවල් උඩින් නිකන් කාපට් එකක යනවා වගේ සනීපෙට ගියා. හැබැයි ඉතින් පාර පටු වෙලා දෙපැත්තෙන් කැලෑ කූරු , බෝවිටියා අතු වදිද්දී පපුව පත්තු වෙනවා ලක්ෂ ගාණක paint එක සීරෙයි කියලා! 😅

ගමේ පාරවල් වල යන්න සැපපහසුව අතින් L663 එක සුපිරි වුණාට, පරණ Defender එකකින් ගමක පාරක යද්දී මිනිස්සු බලාන 'ගැම්ම' සහ ලෙජන්ඩ් ලුක් එක මේකට ගන්න බෑ මචං!

L663 එකේ Air Suspension හින්ද ගම්වල වළවල් පාරවල් වල වුනත් පට්ටම සැප රයිඩ් එකක් තියෙන්නේ මචං. පරණ ඒවා වගේ ගස්සෙන්නේ නෑ.