අද තියෙන experience එකත් එක්ක ආයෙම build එක පටන් ගන්න තිබ්බොත්, මුලින්ම මොන modification එක කරනවද? නැත්නම් "මේක නම් මුලින්ම කරන්න තිබ්බා!" කියලා හිතෙන upgrade එක මොකක්ද? අලුත් Defender owners ලාටත් වටින advice එකක් දාමු!
අද තියෙන experience එකත් එක්ක ආයෙම build එක පටන් ගත්තොත්, paint එකයි exterior mods ටිකයි පැත්තකට තියලා මුලින්ම කරන්නේ interior Sound Deadening & Heat Insulation (Dynamat) කරන එක. Paint ගහන්න කලින් interior එක strip කරලා insulation කළා නම් heat එකයි cabin noise එකයි නැති වෙලා A/C එකත් double වෙනවා. පස්සේ කරන්න ගියාම මුළු interior එකම ආයේ ගලවන්න වෙන නිසා step 1 විදිහට කරන්න තිබ්බ හොඳම දේ ඒක.
අලුත් owners ලාට දෙන හොඳම advice එක තමයි look එක හදන්න කලින් engine, cooling, chassis rust එකයි wiring ටිකයි ගොඩදාගන්න. කඩෙනකන් ඉන්නේ නැතුව oils වෙලාවට මාරු කරන්න, වැදගත් කෑලි වලට genuine parts විතරක් දාන්න. මුලින් මාස 2-3ක් stock drive කරලා requirement එක තේරුම් අරන් විතරක් suspension lifts/big tires වලට යන්න. Mechanical baseline එකයි drive එකේ comfort එකයි හැදුවොත් තමයි Defender එකක් ඇත්තටම enjoy කරන්න පුළුවන්!