අඩෝ බෝයිස්, ලොකු Tools නැතුව, විනාඩි 10න් තනියම කරගන්න පුළුවන් සරලම maintenance වැඩ ටිකක් මෙන්න. ගැරේජ් යන්න ඕනෙම නෑ!
1. Fluid levels: Engine oil, coolant සහ brake oil මට්ටම check කරන්න.
2. Lights: Headlights, indicators සහ brake lights ඔක්කොම වැඩද බලන්න.
3. Tire pressure: Spare wheel එකත් එක්කම හුළං ප්‍රමාණය හරියටම තියෙනවාද බලන්න.
4. Wiper fluid: ෂැම්පු පොඩ්ඩක් දාලා wiper tank එක full කරගන්න.
ඔයාලත් සති අන්තයේ බලන සරලම දේවල් මොනවාද? 👇
සරලයි වගේම වටිනවා මචං. ඔය Coolant level එක බලන එක නම් හැම සතියෙම කරන්න ඕනේ. Puma වල coolant අඩු වුනොත් engine එක overheat වෙන්න යන්නේ තත්පර ගාණයි. ⏱️
ෂුවර් එකටම. මම නම් හැම සෙනසුරාදාවකම උදේට dipstick එක ඇදලා oil මට්ටම බලනවා. පරණ 300Tdi වල පොඩ්ඩක් oil leak වෙන එක සාමාන්‍ය නිසා ඕක බලන එක ඇඟට ගුණයි. 😂