Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,124
Total Topics
598
  • Chassis Repair එකක් කරන්න කොළඹ අවට හොඳ Welding බාස් කෙනෙක් ඉන්නවද?
    Started by Black_beast
    Read 29 times
    Previous topic - Next topic
කොල්ලනේ,

මගේ 110 එකේ Outriggers දෙකයි Outrigger mounts ටිකයි ටිකක් දිරලා. Full Frame-off එකකට යන්න වෙලාවක් නැති නිසා local patch ටිකක් ගහලා Chassis coat එකක් ගාගන්න බැලුවේ.

Defender chassis වල Steel thickness එකට හරියන්න MIG welding කරන්න පුළුවන්, Chassis alignment එක වෙනස් නොවෙන්න වැඩේ කරන හොඳ බාස් කෙනෙක් ඉන්නවද කොළඹ / ගම්පහ අවට?

Experiance තියෙන අය Recommondations ටිකක් දෙන්නකො!

Patch ගහන එක temporary solution එකක් මචං. Budget තියෙනවා නම් UK වලින් YRM Metal Solutions නැත්තන් Marsland Replacement Outriggers ගෙන්නලා full outrigger එකම swap කරපන්. Plate අලවනවාට වඩා finish එකත් ලස්සනයි, strength එකත් original එනවා! Outrigger replacement විතරක් පට්ටටම කරන අය Kelaniya පැත්තෙත් ඉන්නවා.