Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Parts & Accessories => Topic started by: ChamalLahiru on Jul 22, 2026, 09:44 AM

Title: Defender එකට හොඳම LED Headlights මොනවාද?
Post by: ChamalLahiru on Jul 22, 2026, 09:44 AM
මචන්ලා, පරණ factory halogen 7-inch හෙඩ්ලයිට් වලින් රෑට පාර පේන්නේ නැති එක Defender පාවිච්චි කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක්. රෑට දුර ගමන් යද්දී හරි වැස්ස වෙලාවට හරි LED headlights මාරම වෙනසක් කරනවා. හැබැයි පංචිකාවත්තේ තියෙන බාල Chinese LED ලයිට් දැම්මාම ඉස්සරහින් එන වාහන වල අයට ඇස් නිලංකාර වෙනවා විතරක් නෙවෙයි, ටික දවසකින් ලයිට් ඇතුළට වතුර දාලා ෆොග් වෙනවා. Truck-Lite හරි JW Speaker හරි genuine LED දැම්මාම beam pattern එක පට්ටම පිළිවෙලයි. ඔයාලා Defender එකට පාවිච්චි කරන්නේ මොන ලයිට් සෙට් එකද, අත්දැකීම් කොහොමද?
Real Talk karanna Bro👇
Title: Re: Defender එකට හොඳම LED Headlights මොනවාද?
Post by: Ashan_Jayawardene on Sep 07, 2026, 10:23 AM
මචං genuine JW Speaker එකක් ලංකාවේ ලක්ෂයකටත් එහා වෙන නිසා budget එක tight උන්ට practical option එකක් තියෙනවා. 🛠�

ඒ තමයි Wipac Crystal Halogen Free Form Lenses දෙකක් දාලා, ඒකට හොඳ OSRAM Night Breaker Laser / Philips X-tremeVision H4 bulbs දෙකක් දාන එක. ඒකට heavy duty ceramic wiring harness එකක් එක්ක Relay kit එකක් දැම්මාම factory wiring එක load වෙන්නෙත් නෑ, LED තරම් නැතත් පාර පට්ටම clear එකට පෙනෙනවා. rain / fog වෙලාවටත් light එක පාරේ අල්ලනවා!