Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Parts & Accessories => Topic started by: David_Christopher on Jul 18, 2025, 04:51 PM

Title: සුපිරි 2004 Defender 110 TD5 එකක් සාදාරන ගානකට හම්බුනා – ගන්න වටිනවද?
Post by: David_Christopher on Jul 18, 2025, 04:51 PM
මචන්, ගම්පහ පැත්තෙන් 2004 Defender 110 TD5 එකක් හම්බවුණා. අයිතිකාරයා කියනවා මිලක් මිලියන 6.8ක්.  අනතුරු කිසිම එකක් වෙලා නෑ කියලා කියනවා. Mileage එක 180,000ක් විදියට පෙන්නනවා, ඒත් photo වලට නම් තත්වේ සුපිරියි.
මම මාස 6ක් විතර හොඳ Defender එකක් හොය හොයා ඉන්නේ. මේක හොඳ option එකක් වගේ පේනවා. ඒත් ගොඩක් තැන් වල TD5 engine එකට හොඳ කියලා, ECU ප්‍රශ්නෙ ගැන කතා කරනවා.
මේකෙ කවුරුහරි TD5 engine ගැන දන්නවද? මොනවද බලන්න ඕනේ? මේ සතියේ අවසානයේ මගේ mechanic යාළුවත් එක්ක බලන්න යන්න අදහසක් තියනවා. ලොකු ගානක් දීලා බොරු වැඩකට අහු වෙන්න කැමති නෑ.
Title: Re: සුපිරි 2004 Defender 110 TD5 එකක් සාදාරන ගානකට හම්බුනා – ගන්න වටිනවද?
Post by: NuwanJayasinghe on Jul 18, 2025, 05:03 PM
මචන්, මේ mileage එකට 2004 TD5 එකක් 6.8M කියන්නේ තත්වේ හරි නම් සාදාරන ගානක්. TD5 engine වටිනවා, නමුත් ECU එකේ තත්වය නම් පරීක්ෂා කරන්න ඕනේ.
එන්ජින් එකේ හෝ footwell එකේ වතුර ලීක් වෙන්න පුලුවන්ද කියලා බලන්න. ගන්නකොට හොඳම workshop එකකින් full චෙක් කරගන්න. හොදට පරීක්ෂා කරන්න. දොරවල් සහ රෝද විශේෂයෙන්ම. Lights, windows, central locking වගේ ඉලෙක්ට්‍රික් ටික අනිවාරෙන්ම චෙක් කරන්න.
Service history එක තියෙනව කියන එක හොඳයි, නමුත් ඒක ඇත්තද කියලා verify කර ගන්න.
TD5-specific වෙනස්කම් ගැන කිව්වොත් – oil cooler එකේ leaks තියෙනවද බලන්න, turbo system එක වැඩ කරනවද බලන්න. ACE system එකත් තියෙනව නම් ඒකත් චෙක් කරන්න.
මේ ගානට 2-3 lakhs වගේ තව එකක් වෙන් කරලා තියාගන්න. මේ වාහන හරි maintenance එකක් නැත්නම් ලොකු ප්‍රශ්න වෙනවා.