Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
924
Total Topics
506
  • ලංකාවේ කොහෙන්ද? ඔබේ ප්‍රදේශයේ ඉන්න Defender ක්ලබ් එක සෙට් කරගන්න 📍🇱🇰
    Started by Bhagya_Sandun
    Read 317 times
    Previous topic - Next topic
මචන්ලා, අපි ලංකාවේ එක එක පළාත්වල විසිරිලා හිටියට Defender කිව්වම ඉතින් එකම පවුලක් වගේ තමයි.
ඔයා ලංකාවේ කොහේ ඉඳන්ද මේ ගෲප් එකට සෙට් වෙන්නේ? කොළඹ, නුවර, ගාල්ල, එහෙමත් නැත්නම් වෙනත් ප්‍රදේශයකද? තමන් ඉන්න නගරය පල්ලෙහායින් දාලා, තමන්ගේ පළාතේ ඉන්න අනිත් ඩිෆෙන්ඩර් පිස්සෝ කවුද කියලා අඳුරගමු. හදිස්සියකදී පාරක තොටකදී උදව්වක් ගන්නත් මාරම වටිනවා මේක!

එළකිරි කතාව මචන්! මම නුගේගොඩින් සෙට් වෙන්නේ. ළඟපාත පදින්නේ Puma 90 එකක්. කොළඹ අවට ඕනම වෙලාවක ඩීසල් ටියුනින්, wiring ලෙඩක් හරි spare parts එකක් හොයාගන්න හරි උදව්වක් ඕන වුණොත් ඕනම වෙලාවක මැසේජ් එකක් දාන්න. අපේ පැත්තේ සෙට් එක එකතු වෙලා ළඟදී පොඩි කොළඹ meet-up එකකුත් දාමුද? 🚙🇱🇰

ජයවේවා බොක්කලා! මම නුවර පේරාදෙණියෙන් සෙට් වෙන්නේ. 300Tdi 110 එකක් තමයි මගේ ගල. නුවර, හන්තාන පැත්තේ, නකල්ස් යන පාරවල් වල හරි, මහනුවර-කොළඹ පාරේදී මොකක් හරි කාර්මික දෝෂයක් ඇවිත් පාරේ අනාථ වුණොත් කිසි බයක් නැතුව කෝල් එකක් දාන්න. අපේ මහනුවර Defender කොල්ලෝ සෙට් එක ඕනම වෙලාවක ටෝ ලයින් එකක් හරි අරන් එන්න ලෑස්තියි! 🛠�⛰️