Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,121
Total Topics
597
  • lift kit එක ගැන අදහසක් ඕනේ පලපුරුදු කෙනෙක්ගෙන්
    Started by David_Christopher
    Read 4,363 times
    Previous topic - Next topic
මචං මගේ 2009 ඩිෆෙන්ඩර් 90 එකේ lift kit එක අඟල් 2 ක් කරන්න අදහසක් තියනවා. ප්‍රධාන හේතුව හැටන් පැත්තේ විසිට් කරන්න තියනවා. 
 මේ ටිකේම ඉන්ටනෙට් එකෙන් ටිකක් බැලුවා. Old Man Emu, Terrafirma වගේම සමහර ලංකාවේ ඒවත් බැලුවා. මිල නම් සෑහෙන්න වෙනස් හැබැයි! OME  lift kit එක මිල රු. 80,000 ක් වගේ වෙනවා හැබැයි ලංකාවේ ඒවා රු. 25-30,000 කට ගන්න පුලුවන්.

මේකේ  lift kit හයි කරපු කවුරු හරි ඉන්නවද උපදෙස් ගන්න. ගෙදර පාවිච්චි කරන වාහනේ නිසා හොද විසදුමක්  ඕනේ.

සහෝ අවංකවම ඔයාට බජට් එක බැලන්ස් කරගන්න පුලුවන් නම් හොද එකකට යන්න. මගේ කලින් ඩිෆෙන්ඩර් එකට ලෝ බජට් එකක් දාලා සෑහෙන්න පසුතැවුනා මං. 
මගේ 2010 ඩිෆෙන්ඩර් 110 එකේ දැනට තියෙන්නේ හෙවි ඩියුටි ෂොක් එක්ක OME අඟල් 2 ලිෆ්ට් එකක්. ඔව් ඒක මිල ටිකක් වැඩියි තමා, ඒත් කොලිටි එක නම් මරු බය නැතුව යන්න පුලුවන්.
වැඩේ කරගන්න පුලුවන්, ජා-ඇල ලෑන්ඩ් රෝවර්ස් එකට හරි LR මෝටර්ස් එකට හරි යන්න - ඒගොල්ලෝ දන්නවා වැඩේ වෙන්න ඕන හැටි.