Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,123
Total Topics
597
  • ගියර් පෙට්ටිය අමුතු සද්දයක් එනවා. ඒක සාමන්‍යයිද නැත්තම් මොකක් හරි කේස් එකක්ද?
    Started by NuwanJayasinghe
    Read 3,831 times
    Previous topic - Next topic
 :( මචංලා, මගේ ඩිෆෙන්ඩර් එකේ ගියර් පෙට්ටිය 3 වන ගියර් එකට මාරු වෙනකොට අමුතු සද්ද වගයක් ඇහෙන්න ගත්තා. හැම වෙලාවෙම නෙවෙයි, ඒත් එන්ජිම කූල් වෙනකොට සද්දෙ වැඩියි. රත් වුණාම, හරි යනවා. මේක සාමාන්‍ය ඩිෆෙන්ඩර් වල හැටිද නැත්තම් ප්‍රශ්නයක්ද? ගියර් පෙට්ටියේ තෙල් මාස 6 කට කලින් හොද තෙල් දාලා වෙනස් කළා. වාහනයේ මීටරේ 180k තියෙනවා, ඒ නිසා සමහර විට ඒක පරන නිසා වෙන්න ඇතිද? කාට හරි ඒ වගේ ප්‍රශ්න තිබිලා තියනවාද කලින්?

කූලිං වෙනකොට සද්දෙ එනවා කියන්නෙ සමහර විට synchro rings දාන්න වෙනවා. ගොඩක් වෙලාවට වැඩි mileage එකක් තියන ඩිෆෙන්ඩර්වල. බොරුවට කලබල වෙන්නෙපා ඒත් ඉක්මන්ට විසදගන්න ඕන ප්‍රශ්නයක්. මුලින්ම වෙනස තියන ගියර් පෙට්ටියේ තෙල් මාරු කරන්න සමහර විට ඒක වැදගත් වෙයි. ප්‍රශ්නෙ දිගටම තිබ්බොත් මාරු කරන්න වෙයි. කැලණියේ ගියර් බොක්ස් හදන්න වැඩ්ඩෙක් ඉන්නවා, අදු කීපෙකට කලින් මං එතනින් හදාගත්තා. ගාන ටිකක් වැඩි උනාට වැඩ හොදයි.