Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,517
Total Topics
772
  • Mechanic Advice: Gearbox, Overheating & Suspension Failures බේරාගන්න Tips 🛠️
    Started by Bhagya_Sandun
    Read 220 times
    Previous topic - Next topic
Machanලා, අපේ ලංකාවේ roads සහ weather එකට Defender එක පරිස්සම් කරගන්න local mechanics ලාගෙන් ගත්ත quick advice ටිකක් මෙන්න:

Overheating: Wathura විතරක් දාන්නේ නැතුව හොඳ Quality Coolant දාපන්. Off-road/Traffic වලදී Temp නගිනවා නම් Copper 4-core Radiator එකකට Upgrade වෙයන්.

Gearbox (R380): Gear shifting තදයි නම් Box එක ගලවන්න කලින් Clutch Master/Slave cylinders air bleed කරලා, LR spec MTF Fluid දාලා බලපන්.

Suspension: Cheap Chinese rubber bushes නම් මාස 6න් crack වෙනවා. Polybushes හෝ Genuine OEM Rubber ම දාපන්. Lift කරලා නම් Castor Corrected Radius Arms දාන්න.

උඹලත් මුහුණ දීපු මේ වගේ Common Issues සහ ඒවා Solved කරපු හැටි පහළින් Share කරපන් machan! අලුතෙන් Defender එකක් ගත්ත කොල්ලන්ටත් ලොකු Advise එකක් වෙයි. 🚜🔥

සුපිරි post එකක් මචන්! 🫡 අලුතෙන් Defender එකක් ගන්න කොල්ලන්ට මේ points 3 නම් සෑහෙන්න වටිනවා.

මගේ experience එකෙන් තව පොඩි tips ටිකක් මේකට එකතු කරන්නම්:

Overheating: Radiator එකට අමතරව viscous fan clutch එකයි thermostat valve එකයි හරියට වැඩද කියලා බලන එකත් ගොඩක් වැදගත්. ගොඩක් අය thermostat එක ගලවලා දානවා, හැබැයි ඒකෙන් වෙන්නේ engine එකේ heat balance එක අවුල් යන එකයි.

R380 Gearbox: ඇත්තටම MTF94 fluid එක දැම්මම shifting ගොඩක් smooth වෙනවා. තව gear lever එකේ තියෙන bias plate එක ගෙවිලා හරි spring එක කැඩිලා හරි තිබ්බත් gear වැටෙන එක අවුල් යනවා—ඒක පොඩි ගාණකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් වැඩක්.

Suspension & Drivetrain: Bushes වගේම propeller shaft U-joints ටිකට වෙලාවට grease ගහන්න (greasing) අමතක කරන්න එපා. විශේෂයෙන්ම වතුර පාරවල් වලින් (water crossings) දැම්මට පස්සේ grease ගැහුවේ නැත්නම් U-joints ඉක්මනට යනවා.

තව වැඩ්ඩෝ ඉන්නවා නම් තමන්ගේ experience එකත් දාගෙන යමල්ලා! 🚜💨👊