Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,237
Total Topics
647
  • පරණ Defender චැසිය Galvanize කරලා දිරුම් නැති කරමු! 🛠️🛡️
    Started by Amantha_Puththa
    Read 252 times
    Previous topic - Next topic
මචන්ලා, ලංකාවේ ඕනම පරණ Defender Restoration එකක් පටන් ගනිද්දී මූලිකවම මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි චැසියේ සහ cross-members වල තියෙන දිරුම්. ගොඩක් අය කරන්නේ දිරපු තැන් කපලා තහඩු තියලා පෑස්සුවට, ඇතුළෙන් ආයෙත් මලකඩ කන්න ගන්නවා. ඒකට තියෙන හොඳම සහ සාර්ථකම විසඳුම තමයි චැසිය සම්පූර්ණයෙන්ම ගලවලා sandblast කරලා Hot-Dip Galvanize කරන එක. galvanize කළාට පස්සේ අවුරුදු 20-30කටවත් චැසියට මලකඩ එන්නේ නෑ. ඔයාලගේ restoration projects වලදී galvanizing කරපු අය ඉන්නවාද? ලංකාවේ මේ වැඩේ හරියටම කරගන්න පුළුවන් තැන් සහ ගිය වියදම් ගැන විස්තර පල්ලෙහායින් share කරමු! 👇

අඩෝ මේක නම් 100% true මචං! දිරපු තැන් කොච්චර කපලා පැස්සුවත් ඇතුළෙන් ආයේ මලකඩ එන එක නවත්තන්න බෑ. මම දන්න පොරක් LTL Galvanizers එකෙන් Defender 110 chassis එක සම්පූර්ණයෙන්ම galvanize කළා. Sandblasting + welding + galvanizing ඔක්කොටම 3L වගේ ගියා. ඒත් දැන් chassis එක අලුත්ම එක වගේ, ආයේ අවුරුදු 20කටවත් කිසිම බයක් නෑ! 🔥🛠�

අඩෝ ඒක නම් සිරාම කතාව මචං! 🔥

Chassis එක උඩින් කොච්චර පැස්සුවත් ඇතුළෙන් මලකඩ එන එක පට්ට කරදරයක්. LTL එකෙන් ලක්ෂ 3ට Galvanize කරපු එක නම් සුපිරිම Investment එක. මම දන්න විදිහට Katunayake Kik Galvanizing එකෙනුත් ඕක කරගන්න පුළුවන්.

හැබැයි Zinc Dip එකට දාන්න කලින් Drain holes ටික හරියටම තියන්න ඕන නේද මචං? Restoration එකක් පටන්ගන්න ඉන්න කොල්ලන්ට මේක පට්ටම Guide එකක්! 👍🛠�