Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,066
Total Topics
575
  • Ado Finally Joined! මම හිමීට Dream එක හැබෑ කරගත්තා... 🚙🔥
    Started by Amantha_Puththa
    Read 264 times
    Previous topic - Next topic
කාලෙක ඉදන් තිවුණ ලොකුම හීනයක් තමයි අද හැබෑ වුණේ. පොඩි කාලේ ඉදන්ම Defender වලට පිස්සු වැටිලා හිටියේ. සෑහෙන කාලයක් එක එක ඒවගේ ගිහින්, සල්ලි ටිකක් එකතු කරලා අන්තිමේදී Td5 / Puma එකක් ගත්තා!

Off-road Trips යන්නයි, මේක හරියට Maintain කරගෙන පදින්නයි තමයි ප්ලෑන් එක. Mechanical වැඩ ගැන නම් තාම මම පොඩ්ඩක් "අල" 😅. ඒක නිසා ක්ලබ් එකේ ඉන්න කපපු තැම්බූ බුලට් ටිකගෙන් තමයි ගොඩක් උපදෙස් ඕන වෙන්නේ.

කට්ටියගේ අත්දැකීම්, Garage Recommendations ටිකක් හෙමීට බෙදාගමු. ජය වේවා! 🍻

Welcome to the Club Bokka! 🎉 Defender කියන්නේ Vehicle එකකට වඩා Lifestyle එකක්. "අල" සීන් එක ගැන හිතන්න එපා, හැමෝම පටන් ගත්තේ එහෙම තමයි. හොඳට Maintain කලොත් පරම්පරාවටම පදින්න පුළුවන් Machine එක. Parts සහ Garage Recommendations ඕන වෙලාවක මේකේ දාන්න, සපෝට් එක දෙන්න ඕන තරම් Bullet එකේ ඉන්න කට්ටිය ඉන්නවා. Safe Rides! 🚜💨