Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,278
Total Topics
665
  • මගේ 110 300Tdi Overland Build එක: ගොවිපොළේ ඉඳන් කෑම්පින් දක්වා
    Started by Tharindu_Kasun
    Read 829 times
    Previous topic - Next topic
බොක්කලා, කාලෙකට පස්සේ මගේ 110 Station Wagon එකේ build එක ගැන විස්තරයක් දාන්න හිතුණා. මම මේක අවුරුදු තුනකට කලින් ගනිද්දී මේක දිරපු බඳක් තිබ්බ, ගොවිපොළක පාවිච්චි කරපු වාහනයක්. අද වෙද්දී අපි මේක සම්පූර්ණ overland setup එකක් විදිහට හැදුවා. විශ්වාසවන්තකම නිසා 300Tdi ඇන්ජිම original විදිහටම තියලා, suspension ටික 2-inch Terrafirma lift kit එකකින් උස්සලා ගත්තා. Maxxis Bighorn 235/85/16 ටයර් ටිකකුයි steel rims ටිකකුයි දැම්මාම පෙනුම පට්ට. කෑම්පින් බඩු දාන්න marine plywood වලින් පිටිපස්සේ drawers දෙකකුත් ගැහුවා. ඔයාලා විල්පත්තු, නකල්ස් යන්න හදපු overland builds මොනවාද තියෙන්නේ? පල්ලෙහායින් කියාගෙන යන්න

අඩෝ සුපිරි බිල්ඩ් එක මචං! 🔥 300Tdi එක තමා ඕවර්ලෑන්ඩින් වලට හරියනම බීස්ට්. Roof tent එක ගද්දි weight එක කොහොමද බං ආවේ? Cornering වලදී Roll වෙනවා වැඩියි වගේ දැනෙන්නේ නැද්ද?