Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
955
Total Topics
522
  • සතියක් තිස්සේ Defender එකේ බැටරිය බහිනවා! Parasitic Drain එකක් හොයන්නේ කොහොමද?
    Started by Shanuka
    Read 302 times
    Previous topic - Next topic
කොල්ලනේ, මගේ Td5 එකේ සිරාම වයරින් කේස් එකක් ඇවිත් තියෙන්නේ. දවස් දෙක තුනක් එක දිගට වාහනේ පදින්නේ නැතුව තිබ්බොත් Amaron 95Ah බැටරිය බින්දුවටම බහිනවා බං. Alternator එක චෙක් කරා, ඒක සුපිරියටම 14.2V වලින් charge කරනවා. බටරියත් අලුත්.
ප්‍රයෝගිකව බලද්දී වාහනේ off කරලා තියෙද්දිත් කොහෙන් හරි හොරෙන් කරන්ට් එක ඇදීමක් (Parasitic drain) වෙනවා. වාහනේ පරණ අයිතිකාරයා Warn Winch එකක්, ARB onboard fridge එකක්, LED lights bars 3ක් සහ චීන Android player එකක් වෙන වෙනම aftermarket වයරින් කරලා සෙට් කරලා තියෙන්නේ. මුළු dash එක යටම වයර් කූඩුවක් වගේ. මල්ටිමිටරයක් (Multimeter) පාවිච්චි කරලා ගරාජ් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව, මේ හොර කරන්ට් එක අදින තැන (short circuit එක) තනිවම ප්‍රායෝගිකව හොයාගන්නේ කොහොමද මචංලා? පෑලියගොඩ පැත්තේ මේ වගේ aftermarket වයරින් සුද්ද කරන්න හොඳ වැඩ්ඩෙක් ඉන්නවද?


Real talk karanna bro!!

ඔය ඔක්කොටම කලින් මචං, ඔය වගේ aftermarket බඩු ගහපු එකක මුලින්ම බලන්න ඕනේ Winch එකේ වයරින් එක. ලංකාවේ ගොඩක් උන් Winch එකේ thick power cableඑක කෙලින්ම බැටරියට සෙට් කරන්නේ කිසිම Inline Fuse එකක් හෝ Heavy-Duty Isolation Switch (Key switch) එකක් නැතුව. Winch control box එක ඇතුළට මඩ වතුර ගිහින් solenoid එක ඇතුළෙන් ලීක් වෙන්න ගත්තම බැටරිය දවස් දෙකෙන් ඉවරයි.

ප්‍රායෝගිකව වයරින් කූඩුව සුද්ද කරන්න කලින් winch එකට බැටරියෙන් යන ප්‍රධාන රතු වයර් එක ගලවලා දවස් දෙකක් තියලා බලපන් බැටරිය බහිනවද කියලා. වැඩේ හරි ගියොත් පෑලියගොඩ පැත්තේ කැලුම් අයියා ගාවට පලයන්, ඌ ඩිෆෙන්ඩර් වයරින් සිල්ක් එක වගේ පිරිසිදුවට කරලා දෙයි.