Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
955
Total Topics
522
  • Auto Diesel තව අඩු වුණාට Super Diesel ගහන අපිටමයි කෙලවෙන්නේ!📉⛽🚨
    Started by Amantha_Puththa
    Read 282 times
    Previous topic - Next topic
කොල්ලනේ, මේ 2026 අවුරුද්දෙත් කරපු fuel මිල සංශෝදන වලින් Auto Diesel ලිටරේ සැහෙන්න අඩුවෙලා තිබ්බට, අලුත් Puma සහ L663 පදින අපිට ගහන Lanka Super Diesel එක සතයක්වත් අඩු කරන්නේ නෑ බං!
පරණ 300Tdi කට්ටවල් වලට සාමාන්‍ය ඩීසල් ගැහුවට, Common-rail එන්ජින් තියෙන අපේ Puma වලටයි L663 වලටයි Super Diesel ම ගහන්න ඕනේ injectors රැකගන්න. කොළඹ ට්‍රැෆික් එකේ (නුගේගොඩ ඉඳන් කොටුවට) ලිටරේට 6km - 7km කරද්දී, Super Diesel වලට ලොකු ගණන් පුජා කරන එක සිරාවටම දරාගන්න අමාරුයි මචන්ලා. ට්‍රැෆික් එකේ දුවල සාක්කුව හිස් වෙච්ච අය තව කවුද ඉන්නේ? Daily office යන්න වෙනම පොඩි කාර් එකක් ගන්න එක ලාභයි නේද බන්?


සිරාවටම මචං! ඕක තමයි මාත් බැලුවේ. Auto Diesal අඩු වුණා කියලා news වල ලොකුවට දාපුවා දැකලා සතුටු වුණාට,ෂෙඩ් එකට ගියාම තමයි මීටරේ මීටර් වුණේ Super Diesel තාම අහස උසට කියලා! 🤦�♂️ මගේ Puma 2.2 එකට සාමාන්‍ය ඩීසල් ගහලා injector කෙලවුනොත් එකක් හදන්න විතරක් ලක්ෂ එකහමාරක්-දෙකක් යනවා. ඒ බයටම ණය වෙලා හරි Super Diesel ම ගහනවා. බත්තරමුල්ල ඉඳන් බම්බලපිටියට එන්න සතියට ඩීසල් වලට විතරක් රුපියල් 25,000කට වඩා යනවා බන්.