Machanla, Defender එකක් අරන් off-road යද්දී High-Lift Jack එකක් ළඟ තියෙන එක පට්ටම ශක්තියක් වුණාට, ඒක හරියට පාවිච්චි නොකළොත් මාරම අනතුරුදායකයි. ජැක් එක උස්සලා තියෙද්දී handle එක එකපාරටම පැනලා මූණට හරි අතට හරි වැදුනොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මඩේදී ජැක් එක යටට ලෑල්ලක් හරි base plate එකක් හරි තියන්නේ නැතුව උස්සන්න ගියොත් වාහනේ ඇලවෙලා ඇඟට පෙරලෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම වාහනේ slider/bumper එකේ jack point එක හරියටම lock වෙලාද කියලා බලන්න ඕනේ. ඔයාලා High-Lift jack පාවිච්චි කරද්දී වෙච්ච අත්දැකීම් සහ එකතු කරන්න තියෙන safety tips මොනවාද? 👇