Land Rover Defender Sri Lanka

How-To Guides & Defender Resources => DIY Maintenance & Repair Tutorials => Topic started by: David_Christopher on Apr 17, 2026, 05:14 PM

Title: පලවෙනි සර්විස් එක කරන්න help ekak onee
Post by: David_Christopher on Apr 17, 2026, 05:14 PM
කොල්ලෝ, මගේ ඩිෆෙන්ඩර් එකේ පලවෙනි සර්විස් එක කරන්න ඕන වෙලා තියෙනවා. ලංකාවේ කොහේද මචං මේවට හරියනම වැඩ්ඩෝ ඉන්නේ? මම අහලා තියෙනවා පංචිකාවත්තේ spare parts ලාභයි කියලා, ඒත් quality එක කොහොමද? මට දැනගන්න ඕන මචං හරියටම පාවිච්චි කරන්න ඕන Oil brand එකයි, filter එකයි මොකක්ද කියලා. ලංකාවේ රස්නෙට හරියන හොඳම setup එක මොකක්ද?