Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,043
Total Topics
560
  • මගේ 1995 ඩිෆෙන්ඩර් 90 විකිණීමට
    Started by NuwanJayasinghe
    Read 3,196 times
    Previous topic - Next topic
මචංලා, මට මගේ 1995 ඩිෆෙන්ඩර් 90 විකුණන්න වෙනවා. ඒක අවුරුදු 8ක් මගෙ ලග තියනවා, යාපනයේ ඉදන් හම්බන්තොට දක්වා ගණන් කරන්න බැරි තරම්ම ට්‍රැවල් කළා. විකුනන්න හේතුව තමයි මචං වයිෆ්ට නිවුන් දරුවන් හම්බෙන්න ඉන්නවා. ඉතිං හොද වාහනයක් ඕනේ හැමෝටම යන්න පුලුවන්. එන්ජිම TD5, ක්ලච් ඔක්කොම අලුතෙන් දාලා තියෙන්නේ.. සමහර මලකඩ පැල්ලම් ටිකක් තිබ්බට මිකැනිකලි ඔක්කොම වැඩ මචංලා. හොදට බලාගන්න පුලුවන් කෙනෙක්ට තමා දෙන්නේ, සේල් වලට නම් ඉල්ලන්න එපා. මිලියන 6.8ක් ඉල්ලනවා, නියම සෙලර් කෙනෙක් ආවොත් ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දෙනවා. ඔක්කොම රිපෝට්ස් අමතර කොටස් හැමදේම දෙනවා.

තවත් ඩිෆෙන්ඩරයක් පවුලෙන් යනවා දැක්කම දුකයි මචං! මේ වාහනවල ප්‍රශ්නෙ ඒකයි. ඔයා මේ වාහනේ හොදට නඩත්තු කරල තියනවා. ඔයා ඩිෆෙන්ඩර් ශ්‍රී ලංකා ෆේස්බුක් ගෲප් එකේ පෝස්ට් කලේ නැද්ද? හොදට නඩත්තු කරන්න පුලුවන් කෙනෙක් බලලා දෙන්න මචං. Good luck මචං !