Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,056
Total Topics
568
  • මචං, මගේ ඩිෆෙන්ඩර් එක මේන්ටේන් කරගන්න මට තියෙන්න ඕන මූලික මෙවලම් මොනවාද?
    Started by NuwanJayasinghe
    Read 45,237 times
    Previous topic - Next topic
මචංලා, මම මගේ පළවෙනි ඩිෆෙන්ඩර් එක ගත්තා, මට මූලික නඩත්තුවක් කරන්න ඕනේ. පොඩි දෙයක් වෙන හැම වෙලාවෙම ග්අරාජ් එකකකට ගෙනියන එක ලොකු වියදමක් වගේ. මම මුලින්ම මොනාද ගන්න ඕනේ. මගේ ගෙදර ඉඩ කඩ ප්‍රශ්නය නිසා ලොකුවට මුකුත් තියාගන්නත් බෑ. දැනට තියෙන්නේ ඉස්කුරුප්පු නියනක් සහ ස්පැනර් වගේ පොඩි පොඩි ටූල් ටිකක් විතරයි.  දැනට 25-30,000ක් විතර බජට් කරන් ඉන්නේ. හොඳ තත්ත්වයේ ටූල් ටිකක් ගැණ රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? ලොකු වියදම් නැති.

අයියේ හොඳ ප්‍රශ්නයක්! මුලින්ම හරි  socket set එකක් ගන්න - අඩුම 10mm සිට 24mm දක්වා, ඩිෆෙන්ඩර් 13mm, 15mm, 17mm බෝල්ට් ගොඩක් භාවිතා කරනවා. පිටකොටුවට හෝ යුනිටි ප්ලාසාක් යන්න, හොඳින් ක්‍රියා කරන 8-10k පමණ චයිනා ටූල්ස් හොයාගන්න පුලුවන්. torque wrench එකක් wheel nuts සහ head bolts වකට තියෙන්නම ඕනේ.  Oil filter wrench අත්‍යවශ්‍යයි, සාමාන්‍ය ඒවා හරියට සෙට් වෙන්නේ නෑ. light සහ magnetic parts tray අමතක කරන්න එපා. මුළු මුදල ඔයාගේ බජට් එකට සෙට් වෙන්න ඕනේ. මේවෑන් පටන් ගන්න පුලුවන්! ;D