Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
53
Total Posts
718
Total Topics
407
  • හෝර්ටන් තැන්න ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා - රූට් එක ගැන උපදෙස් අවශ්‍යයි
    Started by David_Christopher
    Read 2,959 times
    Previous topic - Next topic
මචං ලබන මාසයේ හෝර්ටන් තැන්නේ යන්න ෆැමිලි ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙන්නේ. මගේ 2008 ඩිෆෙන්ඩර් 110 එක අරන් යන්න හිතන් ඉන්නේ. ඒත් පාර කොහොම වෙයිද කියලා බයක් තියනවා. නුවරඑළියේ ඉදන් පාක් එක ලගට යන පාර ටිකක් අවදානම් කියලා අහලා තියනවා. මේකෙ කවුරු හරි මේ ලගදි ඒ පැත්තෙ ගියාද? උදේ ලෝකාන්තෙ බලන්න යන්නත් ප්ලෑන් කරන් ඉන්නවා. වාහනේ නවත්තන්න තැනක් ගැනත් අදහසක් ඕනේ.  එන්ජින් ක්‍රියාකාරිත්වය ගැන එහෙම විශේශයෙන් බලන්න ඕනෙද?

 ;D මචන් මගේ ඩිෆෙන්ඩර් එකේ මම කීප පාරක්ම මේ රූට් එකේ ගිහින් තියනවා. නුවරැලියේ ඉදන් පාක් එකට යන පාර ඇත්ත්ටම දැන් බය වෙන්න දෙයක් නෑ හොදටම හදලා තියෙන්නේ. ඔයාගේ 2008 ඩිෆෙන්ඩර් එකේ ගේමක් නැතුව යන්න පුලුවන් මචං.
පාක් එක ලග හොදට ආරක්ශාව තියන තැනක් තියනවා වාහන නවත්තන්න. ඒ නිසා වාහනේ ආරක්ශාව ගැන කරදර වෙන්න එපා. එන්ජින් ක්‍රියාකාරිත්වය ටිකක් පහත වැටෙනවා සීතල වැඩි වෙනවත් එක්කම ඒත් එච්ච්‍ර බය වෙන්න දෙයක් නෑ.  පාසැල් නිවාඩුව නිසා ටිකක් වසෙනග ඉන්න පුලුවන්. බය නැතුව හොදට ප්ලෑන් කරලා යන්න මචං.