Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,124
Total Topics
598
  • Defender L663 ගේ Police checkpoint එකේදී experience එක කොහොමද?🚔
    Started by Bhagya_Sandun
    Read 445 times
    Previous topic - Next topic
මචං, L663 ගේ checkpoint එකේදී පොලිසියේ reaction, document check කරන විදිය ඇත්තටම කොහොමද කාගේවත් real experience තියෙනවද?

Checkpoint එකේ නවත්තද්දී documents නෙමෙයි මචන් ප්‍රශ්නේ, Defender එක තමා ප්‍රශ්නේ 😂 Officersla documents ටික check කරනවා වෙනුවට vehicle එක ගාවට වෙලා photos ගන්නවා , ප්‍රශ්න අහනවා, අනිත් officerslatath කතා කරලා පෙන්නනවා බන් 💀 ලංකාවේ L663 ගේ checkpoint experience අනිත් normal cars වලට වඩා වෙනස් මචන්.. කාටහරි මෙහෙම සිද්දි වලට මූන දෙන්න සිද්ද වෙලා තියෙනද?

Real Talk karanna bro!!

Machan,
Kandy road එකේ කඩුගන්නාව checkpoint එකේදී officer documents check කලා. හැබැයි එතන හිටපු assistant officer නම් bonnet එක ළගට ඇවිත් photos ගත්තා phone එකෙන්. අපි වගේ වාහන  වලට ආස කොල්ලෙක් බ්‍රෝ." Sir මේක කොහෙන්ද import කළේ?" කියලත් ඇහුවා. Documents වැඩ ටික නම් okay, හැබැයි ඒ conversation එකට විනාඩි 5ක් විතර ගියා bro.

කතාව සහතික ඇත්ත මචං. මාවත් දවසක් Highway entry එක කිට්ටුවදී නැවැත්තුවා, හැබැයි කිසිම documemt එකක් බැලුවේ නෑ බන්. ළඟට ඇවිත් 'මල්ලි මේක අලුත්ම එක නේද, engine capacity එක කීයද, ඇතුල පට්ට නේද' කියලා විස්තර අහලා 'පරිස්සමෙන් පදින්න මල්ලි' කියලා යන්න දුන්නා. මාරම ආතල්!!