Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Black_beast on Jun 25, 2026, 12:16 PM

Title: Defender L663 ගේ Colombo to Jaffna road trip -honest review
Post by: Black_beast on Jun 25, 2026, 12:16 PM
මචන් අපි Colombo to Jaffna trip එකක් plan කළා, 400km+ නිසා L663 highway performance ගැන nervous වෙලා හිටියේ හොදටම.😅 A9 highway දාගෙන ගියාම ඇත්තටම වෙනස් බ්‍රෝ, cruise control සෙට් කරලා සැහැල්ලුවෙන් ගෙවුණා, cabin noise low, long distance fatigue නෑ වගේ ඇත්තටම. දඹුල්ල pass වෙලා වවුනියා හරියේ straight roads නම් L663 element එකේ💪 Fuel consumption highway එකේ 7-8L/100km ගානේ ආවා. town එක හරියේ නම් නියමයි. Jaffna Fort එක ළග park කරද්දී මිනිස්සු හැරිලා බලනවා මචන්.. Defender එකට Jaffna පැත්තේ තියෙන්නේ වෙනම attraction එකක් Bro!!

L663 ගේ long distance highway drive experience එක ඇත්තටම කොහොමද? Fuel, comfort, highway performance - කාගෙවත් real experience තියෙනවාද?
Title: Re: Defender L663 ගේ Colombo to Jaffna road trip -honest review
Post by: Bhagya_Sandun on Jun 27, 2026, 09:24 AM
මචං මමත් ඔය route එකේම ගියා, වවුනියා pass වෙලා අලිමංකඩ sunset එක බලන්න set උනා බ්‍රෝ, ඒක view cabin එකේ ඉදලා දකිද්දී ඇස් පිරෙනවා bro genuinely🙏  Cruise contol set කරලා A9 පාරේ ගියාම ඇත්තටම මහන්සියක් දැනෙන්නෙම නෑ, කොළබ ඉඳලා යාපනයට එනකන් තැන් දෙකක විතරයි නතර කලේ bro.. ඒ කෑමටයි + fuel වලටයි 😂 Highway comfort level එක හිතුවට වඩා මරු මචං, SUV එකක් හැටියට ඒ ride quality එක වෙනස්ම අත්දැකීමක් මචන්💪
Title: Re: Defender L663 ගේ Colombo to Jaffna road trip -honest review
Post by: ChamalLahiru on Jul 02, 2026, 11:12 AM
සුපිරි මචං! හැබැයි ඉතින් Colombo ඉඳන් Jaffna වෙනකන් ඔය high-tech වාහනේක යද්දී පොඩි හරි sensor ලෙඩක් ආවොත් outstation වලදී බඩුම තමයි කියලා පොඩි බයකුත් හිතේ තියෙනවා බන්.තෙල් කීයක් විතර වැඩ කරාද බං මුළු trip එකටම?