මචංලා, ලංකාවේ තියෙන ලවණ ගතිය (salinity) සහ වැස්ස/මඩ නිසා අපේ පරණ Defender වල වගේම Puma වලත් chasis එක දිරන එකයි, ඇලුමිනියම් බොඩි එක galvanic corrosion (සුදු පාට කුඩු හැදීම) වෙන එකයි ලොකු ප්‍රශ්ණයක්.
ගොඩක් ය ලක්ෂ ගණන් දීලා Anti-corrosion injection ගහනවා. හැබැයි ගෙදරදීම WD -40, Waxyl, නැත්තන් පරණ ඇන්ජින් ඔයිල් සහ ග්‍රීස් කලවම් කරලා චැසිය ඇතුළට ගහන අඩු වියදම් Tricks පාවිච්චි කරන අයත් ඉන්නවා.
ඔයාලා චැසි එකයි, දොරවල් අස්සයි දිරන එක නවත්තන්න පාවිච්චි කරන සාර්ථකම සහ ලාභම ක්‍රම මොනවාද?
Real talk karanna bro!!
මචං, ඔය පරණ ඇන්ජින් ඔයිල් සහ ග්‍රීස් කලවම් කරලා චැසියට ගහන එක නම් කරන්නම එපා බන්. මුල් මාස කිහිපයේ ශේප් වගේ පෙනුණට, කාලයක් යද්දී ඕකට වැලි සහ පස් පිරිලා, චැසිය ඇතුළේ තියෙන වතුර බහින සිදුරු (Drain holes)හිරවෙනවා. ඊට පස්සේ වතුර ඇතුළේ පිරිලා නොදැනීම ඇතුළෙන් චැසිය දිරලා යනවා. ඊට වඩා සෑහෙන්න හොඳයි Lanoguard හෝ හොඳ Underbody wax එකක් පාවිච්චි කරන එක. ගාණ ටිකක් වැඩි වුණාට චැසිය අවුරුදු ගාණක් ලෙඩක් නැතුව පරිස්සම් වෙනවා.