Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,279
Total Topics
666
  • 300Tdi / TD5 ඇන්ජින් රත් වෙන ප්‍රශ්නයට (Overheating) ස්ථිර විසඳුමක්?🌡️🔥
    Started by Bhagya_Sandun
    Read 646 times
    Previous topic - Next topic
මචන්ලා, කොළඹ ට්‍රැෆික් එකේ ඉද්දි හරි, නැත්තන් low-gear දාලා කන්දක් අදිද්දී හරි 300Tdi හෝ TD5 ඇන්ජින් වල temperature එක ඉහළ යන එක ගොඩක් අයට තියෙන ලෙඩක්.

මේකට පරණ විස්කස් ෆෑන් (Viscous fan) එක අයින් කරලා Electric Twin Fans (Dual electric fans) සෙට් කරන එක සාර්ථකද?
නැත්තන් 3-row Aluminum Radiator එකකට යන එකද හොඳම විසඳුම? ඔයාලා මේ overheating ලෙඩේ සුව කරගත්තේ කොහොමද?

ලෙඩේට ලාභම සහ ස්ථිරම විසඳුම තමයි මචං රේඩියේටර් එක ගලවලා හොඳට clean කරලා (Rodding කරලා), අලුත් විස්කස් ෆෑන් එකක් දාන එක. ඉලෙක්ට්‍රික් ෆෑන් දාන්න ගිහින් වයරින් ලෙඩ දාගන්න එපා. 3-row ඇලුමිනියම් රේඩියේටර් එකක් දැම්මොත් තවත් හොඳයි. හැබැයි හැමදේටම කලින් රේඩියේටර් කැප් (Radiator cap) එක ඔරිජිනල් ප්‍රේෂන් එකට වැඩද කියලා බලන්න,
මොකද කැප් එකෙන් ප්‍රෙෂර් එක ලීක් වුණත් වතුර උතුරලා රත් වෙන්න ගන්නවා!

අම්මෝ මචන්ලා, 300Tdi එකක් තියෙනවා නම් overheating ප්‍රශ්නෙට මුලින්ම බලන්න ඕනේ P-gasket එකයි Water pump එකයි. ගොඩක් වෙලාවට ඔය P-gasket එකෙන් හීන් සැරේ වතුර ලීක් වෙලා coolants අඩු වෙනවා පේන්නේ නෑ. පස්සේ කන්දක් අදිද්දී තමයි එකපාරටම රත් වෙලා සෙල්ලම දාන්නේ. අනිත් එක radiator එකට normal වතුර දාන්න එපා බන්, ඇතුළ මලකඩ කාලා බ්ලොක් වෙනවා. හොඳ coolant එකක්ම දාපල්ලා! 🛠�