Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: ChamalLahiru on Jul 03, 2026, 09:54 AM

Title: ලක්ෂ 400ක සෙන්සර් සෙල්ලම! 💻 ලංකාවේ වැස්සට L663 ඔරොත්තු දේවිද?
Post by: ChamalLahiru on Jul 03, 2026, 09:54 AM
මචන්ලා, අලුත් Defender L663 එකේ හැරෙන හැරෙන පැත්තට සෙන්සර් සහ Air Suspension! ලංකාවේ තද වැස්සයි ගංවතුරයි එක්ක මට ප්‍රශ්න 3යි:

1. Sensors කෙලවෙයිද? ලංකාවේ මඩ වතුර වැදිලා කාලයක් යද්දී සෙන්සර් ෂෝට් වෙලා dashboard එක නත්තල් ගහක් වගේ Error ලයිට්ස් පත්තු වෙයිද?

2. හදන්න වැඩ්ඩෝ ඉන්නවද? ලෙඩක් ආවොත් Agent එකටම දීලා ලක්ෂ ගණන් පුදන්න වෙයිද? පිට පළාත්වල මේවා scan කරලා හදන්න වැඩ්ඩෝ ඉන්නවද බං?

3.තාමත් පරණ එකද ගැම්ම? බය නැතුව ඕනම මඩක, ගඟක දාන්න තාමත් වටින්නේ සෙන්සර් නැති පරණ mechanical එකක්මද?

දන්න වැඩ්ඩෝ ඇත්තම තත්ත්වය පල්ලෙහායින් කොටන් යමු!
Title: Re: ලක්ෂ 400ක සෙන්සර් සෙල්ලම! 💻 ලංකාවේ වැස්සට L663 ඔරොත්තු දේවිද?
Post by: Shanuka on Jul 07, 2026, 09:24 AM
Chamal මචං, ඕකේ Air Suspension එක ගැන බයවෙන්නෙපා.Off-road mode දැම්මම වාහනේ සැහෙන්න උස්සන්න පුළුවන් නිසා ගංවතුරක වුණත් බය නැතුව යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පාරවල් වල තියෙන මඩ වතුර සෙන්සර්ස් උඩ වේලුණාම Dashboard එකේ error message එනවා 'Sensor Blocked' කියලා. ඒක සාමාන්‍යයි, wash කරාම හරියනවා.

නඩත්තුව නම් ලේසි නෑ. Agent එකෙන් එළියේ දැන් ටිකක් වැඩේ දන්න අය ඉන්නවා, හැබැයි parts ගෙන්නන්න ගියාම සෑහෙන වියදමක් යනවා. මගේ අදහස නම් Daily drive එකට L663 එක සුපිරි, හැබැයි වතුගානේ යන්නයි, අමුවෙන්ම off-road කරන්නයි පරණ Defender එකක්ම තියාගන්න එක තමයි නුවණට හුරු