Land Rover Defender Sri Lanka

Defender Builds & Custom Projects => Show Off Your Defender => Topic started by: Bhagya_Sandun on Jul 13, 2026, 11:30 AM

Title: Junk to Gem: කටු කඳක් වෙන්න ඇරලා ආයෙත් පණ දීපු ඩිෆෙන්ඩර්ස්! 🛠️✨
Post by: Bhagya_Sandun on Jul 13, 2026, 11:30 AM
මචංලා, දිරලා විනාශ වෙන්න ඇරපු Defender කටු කඳක් අරන් ආයෙත් පාරට බස්සනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒක මාරම කට්ටක් කන්න ඕන කලාවක්. Genuine කෑලි හොයන්න කඩවල් ගානේ රිංගපු හැටි, බජට් එක බැලන්ස් කරගන්න කරපු කැපකිරීම් සහ ගරාජ් අස්සේ කාපු කටු දන්නේ ඒක කරපු කෙනෙක්ම විතරයි.
ඔයාලත් ඒ වගේ අතහැරලා දාලා තිබ්බ එකක් අරන් අලුතින්ම පණ දීපු Restoration Journey එකක් තියෙනවා නම්, වැඩේට ගියපු කාලය සහ අලුත් අයට දෙන්න තියෙන උපදෙස් පල්ලෙහායින් ෂෙයාර් කරමු බලන්න!