Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,014
Total Topics
548
  • පරණ 200Tdi Soft-Top එකක් ගොඩදාපු හැටි: Backyard Project එක ඉවරයි!
    Started by surenvihara
    Read 90 times
    Previous topic - Next topic
කොල්ලනේ, මාස දහඅටක් තිස්සේ ගරාජ් වල රස්තියාදු වෙලා, යකඩ කඩවල් ගානේ ගිහින් අන්තිමට මගේ 200Tdi soft-top project එක ඉවර කළා! අපි මේකේ චැසියටම ගලවලා, දිරුම් ඔක්කොම හදලා, පරණ Atlantic Green පාටම ගහලා beige පාට heavy-duty කැන්වස් ටොප් එකක් දැම්මා. Drivetrain එක original තියලා, ඉස්සරහට custom steel bumper එකකුයි, ලොකු වින්ච් එකකුයි දාලා පරණ wider පෙනුම ගත්තා. මේකේ කිසිම electronics නෑ, පට්ට සද්දයි. හැබැයි ඉරිදා උදේක කැන්වස් දොරවල් දෙක උඩට නමලා පාරේ යද්දී දැනෙන ගැම්ම වචන වලින් කියන්න බෑ. තව කවුද soft-top builds පාවිච්චි කරන්නේ?

මාස 18ක් කියන්නේ ලොකු පේ‍ෂන්ස් එකක් මචං! 👍 මාත් 300Tdi soft-top එකක් පාවිච්චි කරන්නේ. එකම අවුල වැස්ස වෙලාවට ඇතුලට වතුර පොඩ්ඩක් එන එකයි, Highway යද්දි canvas එක ගහන සද්දෙයි තමයි. හැබැයි උඹ කිව්වා වගේ දොරවල් ගලවලා, Top එක උඩට නමලා weekend එකේ off-road පාරක යද්දි ඔය එක අවුලක්වත් මතක් වෙන්නේ නෑ. Welcome to the Canvas Club! ⛺