Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,117
Total Topics
596
  • Restoration වලට අත ගහන්න කලින් දැනගන්න ඕන දේවල් ?🛠️🤔
    Started by Bhagya_Sandun
    Read 581 times
    Previous topic - Next topic
මචංලා, දිරපු Defender එකක් අරන් Restore කරන්න පටන් ගන්න කලින් හැමෝම දැනගන්න ඕන ප්‍රධානම දේවල් මොනවාද?
ගොඩක් අය බජට් එක විතරක් හිතලා වැඩේට බැස්සට Bulkhead දිරුම්, Chassis splicing වගේ කේස් හින්දා අතරමං වෙනවා. ලංකාවේ මාකට් එකේ හැටියට මුලින්ම චෙක් කරන්න ඕන දේවල් සහ වැඩේ ලේසි කරගන්න දන්න සිරාම tips පල්ලෙහායින් ෂෙයාර් කරමු!

සිරාම කතාවක් මචං ගොඩක් අය රැල්ලට බහින්නේ. මුලින්ම බලන්න ඕනේ Chassis එක. ලංකාවේ ගොඩක් කටුවල චැසි එක මැදින් දිරලා, පස්සෙන් පැච් දාලා අටවපුවා තියෙන්නේ. ඊළඟට Bulkhead එක, ඒක දිරලා නම් වැඩේ double වෙනවා. මගේ ටිප් එක: වැඩේට අත ගහන්න කලින් Land Rover වැඩ දන්න විශ්වාසවන්ත බාස් කෙනෙක් එක්කම ගිහින් වාහනේ බලන්න. නැත්නම් බජට් එක වගේ දෙගුණයක් ගියත් වැඩේ ඉවර කරගන්න බැරි වෙනවා!

අඩෝ Ashan කියපු කතාව 100% ඇත්ත මචං! 💯 ගොඩක් අය Chassis එකයි Bulkhead එකයි අමතක කරලා paint එකටයි mods වලටයි විතරක් Budget හදනවා. Landy වැඩ දන්න සිරා බාස් කෙනෙක් එක්ක ගිහින් බලන එක තමා එකම විසඳුම. නැත්නම් restoration එක නෙවෙයි nightmare එකක් වෙන්නේ! 😂👏

Danuka සහ Ashan කියපු කතාවට තව එකක් එකතු කරන්නම් මචං. Wiring Harness එකයි Spare Parts supply එකයි මුලින්ම plan කරගනින්. ලංකාවේ ගොඩක් අය 300Tdi හරි TD5 හරි අරන් mechanics ට විතරක් බාරදීලා බලන් ඉන්නවා. හැබැයි UK direct import කරනවද, local shops වලින් ගන්නවද කියලා කලින්ම budget එක හදාගත්තේ නැත්නම් garage එකේ මාස ගානක් වාහනේ දිර දිර තියෙන්න වෙන්නේ! wiring harness එක full replace කරන එක තමා එකම ධර්මය. 😂🛠�