Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Minor Fixes & DIY: ගරාජ් ගන්නේ නැතුව ගෙදරදීම කරගන්න පුළුවන් Defender වැඩ 🔧
    Started by Varuni_De_Alwis
    Read 393 times
    Previous topic - Next topic
මචංලා, හැම පොඩි වැඩේකටම ගරාජ් ගිහින් අතේ තියෙන සල්ලි නාස්ති කරගන්නවට වඩා, අපේ අතින්ම ගෙදර ගරාජ් එකේදී (DIY) කරගන්න පුළුවන් පොඩි පොඩි රෙපෙයාර්ස් සහ ප්‍රොටෙක්ෂන් වැඩ ටිකක් තියෙනවා නේද?

මම මේ සතියේ කරපු වැඩ ටිකක් මේ:

Door Hinges & Check Straps: දොරවල් තද වෙලා squeak sound එකක් ආපු එකට WD-40 සහ lithium grease දාලා හදාගත්තා.

Dash rattles: පරණ ඩෑෂ්බෝඩ් එකේ vibration සද්ද එන තැන්වලට acoustic foam ටිකක් අලවලා සද්දේ නැති කළා.

Rubber Seals: ඩිෆෙන්ඩර් වල වැස්සට වතුර කාන්දු වෙන ප්‍රශ්නෙට දොරවල්වල රබර් සීල් (Weather strips) අලුතින් සිලිකොන් පේස්ට් එකක් එක්ක ෆික්ස් කළා.

උඹලත් ගෙදරදීම වාහනේ හදද්දී කරපු මේ වගේ පොඩි ට්‍රික්ස් මොනවද තියෙන්නේ? අනිත් උන්ටත් දැනගන්න දාමු බලන්න! 🛠�🍻

එළකිරි ත්‍රෙඩ් එක මචං! 🛠� Defender අයිතිකාරයෙක්ට DIY ටිකක් දැනන් ඉන්න එක අතේ සල්ලි බේරගන්න විතරක් නෙවෙයි, රෝඩ් ට්‍රිප් එකක් මැදදී වුණත් ගොඩයන්ඩ මරු.

ඔන්න මාත් ගෙදරදීම කරගන්න පුළුවන් තව පොඩි ට්‍රික්ස් ටිකක් දාන්නම්:

Td5 ECU Red Plug check එක: Seat එක යට තියෙන ECU Red Plug එක ගලවලා Oil ගිහින්ද බලලා, Contact Cleaner පාරක් ගහලා clean කරගන්න එක.

Swivel Housing Top-up: Swivel oil leak වෙනවා නම් One-shot Swivel Grease (EP 00) පැකට් එකක් ගෙදරදීම බස්සගන්න පුළුවන්.

Chassis Drain Holes: Off-road ගිහින් ආපු ගමන් chassis එක යට drain holes ටික වයර් කෑල්ලකින් ඇරලා මඩ ටික යවන්න. මලකඩ කැවෙන එක නවතිනවා.

"Defenders වල Leak නැත්නම් ඒක Defender එකක් නෙවෙයි කියනවනේ 😂, ඒ වුණාට Rubber Seals ටික හදාගත්තු එක නම් සුපිරි!"