Land Rover Defender Sri Lanka

Defender Builds & Custom Projects => Restoration Projects => Topic started by: Varuni_De_Alwis on Oct 23, 2026, 04:53 PM

Title: Minor Fixes & DIY: ගරාජ් ගන්නේ නැතුව ගෙදරදීම කරගන්න පුළුවන් Defender වැඩ 🔧
Post by: Varuni_De_Alwis on Oct 23, 2026, 04:53 PM
මචංලා, හැම පොඩි වැඩේකටම ගරාජ් ගිහින් අතේ තියෙන සල්ලි නාස්ති කරගන්නවට වඩා, අපේ අතින්ම ගෙදර ගරාජ් එකේදී (DIY) කරගන්න පුළුවන් පොඩි පොඩි රෙපෙයාර්ස් සහ ප්‍රොටෙක්ෂන් වැඩ ටිකක් තියෙනවා නේද?

මම මේ සතියේ කරපු වැඩ ටිකක් මේ:

Door Hinges & Check Straps: දොරවල් තද වෙලා squeak sound එකක් ආපු එකට WD-40 සහ lithium grease දාලා හදාගත්තා.

Dash rattles: පරණ ඩෑෂ්බෝඩ් එකේ vibration සද්ද එන තැන්වලට acoustic foam ටිකක් අලවලා සද්දේ නැති කළා.

Rubber Seals: ඩිෆෙන්ඩර් වල වැස්සට වතුර කාන්දු වෙන ප්‍රශ්නෙට දොරවල්වල රබර් සීල් (Weather strips) අලුතින් සිලිකොන් පේස්ට් එකක් එක්ක ෆික්ස් කළා.

උඹලත් ගෙදරදීම වාහනේ හදද්දී කරපු මේ වගේ පොඩි ට්‍රික්ස් මොනවද තියෙන්නේ? අනිත් උන්ටත් දැනගන්න දාමු බලන්න! 🛠�🍻