Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
49
Total Posts
543
Total Topics
307

Recent posts

Recent posts

#51
 ;D මචන් මගේ ඩිෆෙන්ඩර් එකේ මම කීප පාරක්ම මේ රූට් එකේ ගිහින් තියනවා. නුවරැලියේ ඉදන් පාක් එකට යන පාර ඇත්ත්ටම දැන් බය වෙන්න දෙයක් නෑ හොදටම හදලා තියෙන්නේ. ඔයාගේ 2008 ඩිෆෙන්ඩර් එකේ ගේමක් නැතුව යන්න පුලුවන් මචං.
පාක් එක ලග හොදට ආරක්ශාව තියන තැනක් තියනවා වාහන නවත්තන්න. ඒ නිසා වාහනේ ආරක්ශාව ගැන කරදර වෙන්න එපා. එන්ජින් ක්‍රියාකාරිත්වය ටිකක් පහත වැටෙනවා සීතල වැඩි වෙනවත් එක්කම ඒත් එච්ච්‍ර බය වෙන්න දෙයක් නෑ.  පාසැල් නිවාඩුව නිසා ටිකක් වසෙනග ඉන්න පුලුවන්. බය නැතුව හොදට ප්ලෑන් කරලා යන්න මචං.
#52
ක්ලච් එක මාරු කරන්නැතුව 220k ගියා කියන්නේ අලුත් ක්ලච් එකක් අනිවාරෙන් ඕනේ මච්ං. බරට දැනෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ක්ලච් තහඩුව ගෙවිලා නැත්තම් ප්‍රෙශර් ප්ලේට් එක ගෙවිලා. මේක ඇත්තටම හදන්න බෑ අලුතෙන් දාන්න ඕනේ.
ගිය මාසේ Right Way Auto Parts workshop එකේදි මගේ 2005 TD4 එකේ clutch එකක් දැම්මා. සම්පූර්ණ Sachs clutch kit එකට හයි කරන්නත් එක්ක 68kක් ගියා. කොලිටිය නම් හොඳයි, වගකීමක් තියෙනවා. මේ TD4 clutch සාමාන්‍යයෙන් driving style එක අනුව 180-250kක් විතර වෙනවා.
වැඩිය පරක්කු කරන්න එපා මල්ලි - clutch එක සම්පූර්ණයෙන්ම fail උනොත්, ඔයා කොහේ හරි හිරවෙලා flywheel එකටත් හානි වෙන්න පුළුවන්. ඒකට ගොඩක් වියදම් වෙයි! හොඳ නමක් තියෙන හරි workshop එකකින් ඒක කර ගන්න.
#53
සහෝ අවංකවම ඔයාට බජට් එක බැලන්ස් කරගන්න පුලුවන් නම් හොද එකකට යන්න. මගේ කලින් ඩිෆෙන්ඩර් එකට ලෝ බජට් එකක් දාලා සෑහෙන්න පසුතැවුනා මං. 
මගේ 2010 ඩිෆෙන්ඩර් 110 එකේ දැනට තියෙන්නේ හෙවි ඩියුටි ෂොක් එක්ක OME අඟල් 2 ලිෆ්ට් එකක්. ඔව් ඒක මිල ටිකක් වැඩියි තමා, ඒත් කොලිටි එක නම් මරු බය නැතුව යන්න පුලුවන්.
වැඩේ කරගන්න පුලුවන්, ජා-ඇල ලෑන්ඩ් රෝවර්ස් එකට හරි LR මෝටර්ස් එකට හරි යන්න - ඒගොල්ලෝ දන්නවා වැඩේ වෙන්න ඕන හැටි. 
#54
මචං ලබන මාසයේ හෝර්ටන් තැන්නේ යන්න ෆැමිලි ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙන්නේ. මගේ 2008 ඩිෆෙන්ඩර් 110 එක අරන් යන්න හිතන් ඉන්නේ. ඒත් පාර කොහොම වෙයිද කියලා බයක් තියනවා. නුවරඑළියේ ඉදන් පාක් එක ලගට යන පාර ටිකක් අවදානම් කියලා අහලා තියනවා. මේකෙ කවුරු හරි මේ ලගදි ඒ පැත්තෙ ගියාද? උදේ ලෝකාන්තෙ බලන්න යන්නත් ප්ලෑන් කරන් ඉන්නවා. වාහනේ නවත්තන්න තැනක් ගැනත් අදහසක් ඕනේ.  එන්ජින් ක්‍රියාකාරිත්වය ගැන එහෙම විශේශයෙන් බලන්න ඕනෙද?
#55
මගේ 2006 ඩිෆෙන්ඩර් 90 TD4 ක්ලච් එක ඇත්තටම බර වෙනවා. සති කිහිපයකට  කලින් තමා දැක්කේ, දැන් ට්‍රැෆික් එකේ එහෙම පාගන්න අමාරුයි. මැකෑනික් කෙනෙක් චෙක් කරනලා ක්ලච් එක ගෙවිලා කියලා නම් කිව්වා. වාහනයේ මීටරේ 220k තියනවා හැබැයි කවදාවත් ක්ලච් එක මාරු කරලා නෑ. සම්පූර්ණ ක්ලච් කට්ටලය හයි කරන්න 65-75k පමණ ගානක් යනවා.
 මේකේ ලගදි ක්ලච් එක වෙනස් කරපු කවුරුහරි ඉන්නවද? මේක අනිවාරෙන්ම අලුත් එකකට යන්න ඕනෙද නැත්තම් මේකම වෙනස් කරගන්න පුලුවන්ද.
#56
මචං මගේ 2009 ඩිෆෙන්ඩර් 90 එකේ lift kit එක අඟල් 2 ක් කරන්න අදහසක් තියනවා. ප්‍රධාන හේතුව හැටන් පැත්තේ විසිට් කරන්න තියනවා. 
 මේ ටිකේම ඉන්ටනෙට් එකෙන් ටිකක් බැලුවා. Old Man Emu, Terrafirma වගේම සමහර ලංකාවේ ඒවත් බැලුවා. මිල නම් සෑහෙන්න වෙනස් හැබැයි! OME  lift kit එක මිල රු. 80,000 ක් වගේ වෙනවා හැබැයි ලංකාවේ ඒවා රු. 25-30,000 කට ගන්න පුලුවන්.

මේකේ  lift kit හයි කරපු කවුරු හරි ඉන්නවද උපදෙස් ගන්න. ගෙදර පාවිච්චි කරන වාහනේ නිසා හොද විසදුමක්  ඕනේ.
#57
Prices for a clean Defender 110 in Sri Lanka start from LKR 5.5M and can go up to LKR 12M+ depending on year, mods, and condition. Post-Feb 2025, prices rose slightly due to new imports. Check riyasewana.com and compare with local Defender builds.
#58
Ado mcn here I found and another white Defender Reel on Instagram Look this!
#59
Looking to buy a Defender 110. Prices vary wildly. What's the current going rate?