Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
49
Total Posts
539
Total Topics
303
  • ක්ලච් එක බර වෙනවා - මාරු කරන්න වෙලාව හරිද නැත්නම් adjust කරන්න පුළුවන්ද?
    Started by David_Christopher
    Read 44 times
    Previous topic - Next topic
මගේ 2006 ඩිෆෙන්ඩර් 90 TD4 ක්ලච් එක ඇත්තටම බර වෙනවා. සති කිහිපයකට  කලින් තමා දැක්කේ, දැන් ට්‍රැෆික් එකේ එහෙම පාගන්න අමාරුයි. මැකෑනික් කෙනෙක් චෙක් කරනලා ක්ලච් එක ගෙවිලා කියලා නම් කිව්වා. වාහනයේ මීටරේ 220k තියනවා හැබැයි කවදාවත් ක්ලච් එක මාරු කරලා නෑ. සම්පූර්ණ ක්ලච් කට්ටලය හයි කරන්න 65-75k පමණ ගානක් යනවා.
 මේකේ ලගදි ක්ලච් එක වෙනස් කරපු කවුරුහරි ඉන්නවද? මේක අනිවාරෙන්ම අලුත් එකකට යන්න ඕනෙද නැත්තම් මේකම වෙනස් කරගන්න පුලුවන්ද.

ක්ලච් එක මාරු කරන්නැතුව 220k ගියා කියන්නේ අලුත් ක්ලච් එකක් අනිවාරෙන් ඕනේ මච්ං. බරට දැනෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ක්ලච් තහඩුව ගෙවිලා නැත්තම් ප්‍රෙශර් ප්ලේට් එක ගෙවිලා. මේක ඇත්තටම හදන්න බෑ අලුතෙන් දාන්න ඕනේ.
ගිය මාසේ Right Way Auto Parts workshop එකේදි මගේ 2005 TD4 එකේ clutch එකක් දැම්මා. සම්පූර්ණ Sachs clutch kit එකට හයි කරන්නත් එක්ක 68kක් ගියා. කොලිටිය නම් හොඳයි, වගකීමක් තියෙනවා. මේ TD4 clutch සාමාන්‍යයෙන් driving style එක අනුව 180-250kක් විතර වෙනවා.
වැඩිය පරක්කු කරන්න එපා මල්ලි - clutch එක සම්පූර්ණයෙන්ම fail උනොත්, ඔයා කොහේ හරි හිරවෙලා flywheel එකටත් හානි වෙන්න පුළුවන්. ඒකට ගොඩක් වියදම් වෙයි! හොඳ නමක් තියෙන හරි workshop එකකින් ඒක කර ගන්න.