Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,492
Total Topics
760
  • Sri Lanka වල Defender Parts ගන්න ඇත්තටම හොඳම තැන කොහෙද?
    Started by Varuni_De_Alwis
    Read 2,026 times
    Previous topic - Next topic
Defender owner කෙනෙක්ට මේක හැමදාම තියෙන debate එකක්!
💰 එකම part එක, shop දෙකක මිල වෙනස රුපියල් දහස් ගණනක් වෙලා තියෙන experience එකක් ඔයාටත් තියෙනවද?
🤨 සමහර තැන්වල "Genuine" කියලා විකුණන part එක, තවත් shop එකක OEM කියලා තියෙනවා... තවත් තැනක aftermarket කියලා අඩු මිලටම හම්බෙනවා. ඉතින් ඇත්තටම money එකට value එක දෙන්නේ මොන option එකද?

 අපි එක තැනක honest reviews එකතු කරමු!

අඩෝ මේකේ එක reply එකක්වත් නැත්තේ ඇයි බං? මේක හැමෝටම වැදගත් topic එකක්නේ! මගේ experience එකෙන් කියනවා නම්, Green box එකට විතරක් 30%-40%ක් ගෙවන්නේ නැතුව LR එකට parts හදන factory එකෙන්ම එන OEM/OES (Bearings වලට Timken, Filters වලට Mahle, Sensors වලට Bosch) ගන්න එක තමයි සාධාරණම දේ. මම Genuine රු. 14,000/-ක් කියපු Wheel bearing එකට Timken OEM එක ගත්තේ 6,500/-ට, අවුරුදු 4ක් තිස්සේ කිසිම අවුලක් නෑ. හැබැයි Cheap Aftermarket නම් ගන්නම එපා machan, මම Cheap Hub seals දාලා මාස 2න් oil leak වෙලා double labor ගෙවලා ආයෙත් OEM දාන්න වුණා. ඒ නිසා Engine, Bearings, Electrical සහ Seals වලට OEM/OES විතරක් අරන්, Mud flaps/Clips වගේ ඒවට විතරක් Aftermarket යන්න. උඹලගේ experiences ත් පහලින් දාමු! 🛠�💰

අශාන් කිව්ව කතාව 200%ක් ඇත්ත මචං! Genuine Land Rover "Green Box" එක ඇතුලේ තියෙන්නේ OEM හදපු Part එකම තමා. LR Logo එක ප්‍රින්ට් කරලා තියෙන නිසා විතරක් Double ගානක් ගෙවන්න ඕන නෑ. මගේ 300Tdi එකට Suspension Polybushes සහ Ball Joints ගනිද්දී මම යන්නේ Lemförder හරි Britpart OEM Grade එකට. හැබැයි මචං එක දෙයක්—Electrical Sensors (Cam/Crank Sensor, MAF sensor) සහ Water Pump වලට නම් OEM (Bosch / VDO / Saleri) හැර cheap aftermarket Britpart/Bearmach replacement කොටස් ගන්නම එපා! පාර මැද නතර වුණාම යන Towing charges එක්ක බලද්දී Genuine/OEM දාපු එක දාහෙන් සම්පතයි. 🛠�📦