Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,056
Total Topics
568
  • Defender Reconditioned (කුරුණෑගල/මීගමුව) scrap yards වල අත්දැකීම් කොහොමද? 🚙
    Started by NuwanJayasinghe
    Read 163 times
    Previous topic - Next topic
මචංලා,
අලුත් Genuine බඩු ගන්න සල්ලි නැති වෙලාවට අපිට තියෙන එකම ගැලවීම reconditioned parts (පරණ යකඩ බඩු කඩ) තමයි.
විශේෂයෙන්ම කුරුණෑගල, මීගමුව සහ පන්නිපිටිය පැත්තේ Defender කපන scrap yards කිහිපයක්ම තියෙනවා.
හැබැයි මේවට යද්දිත් පට්ටම පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට ලංකාවේ පාවිච්චි කරලා ගෙවිල ගිය differential, transfer box, body panels වලටත් "English reconditioned" කියලා ලේබල් එක ගහලා අපිට විකුණනවා.
ඔයාලා reconditioned parts ගන්න ගිහින් ලැබුණු හොඳ/නරක අත්දැකීම් මොනවාද? ඇත්තටම සාධාරණ මිලට බඩු දෙන හොඳ scrap yards මොනවාද?

අඩෝ ඕක නම් ඇත්තම කතාව මචං! කුරුණෑගල පැත්තේ ගොඩක් තැන්වල English Reconditioned කිය කියා දෙන්නේ අපේ එවුන්ම පදලා අයින් කරපු ලංකාවේ කෑලි (local used). විශේෂයෙන් Differential, Gearbox ගන්නකොට පියන ගලවලා teeth ගෙවිලද බලන්නේ නැතුව නම් ගන්නම එපා. දන්න ඩයල් එකක් එක්කගෙන යමං නැත්තම් පට්ට අමාරුවක වැටෙන්නේ.