Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,069
Total Topics
577
  • Snorkel සවිකිරීම - ශ්‍රී ලංකාවට වටිනවාද?
    Started by NuwanJayasinghe
    Read 4,779 times
    Previous topic - Next topic
අයියලා උදව්වක් ඕනේ, මගේ ඩිෆෙන්ඩරයේ ස්නෝකල් එකක් හයි කරගන්න අදහසක් තියනවා. ඕස්ට්‍රේලියානු සහ අප්‍රිකානු වාහන වල ගොඩක් දැකලා තියනවා. ලංකාවට වැදගත් නැද්ද? මෙහෙ වෙන රටවල් වල වගේ දූවිලි කුනාටු, වතුරප පාරවල් අඩුයිනේ. ඒක නිකන් ලස්සන්ට හයි කරන්වාද මෙහෙ කට්ටිය? ඒ වගේම හොද බ්‍රෑන්ඩ් එකක් තියන්වාද? සෆාරි සහ ARB ගොඩක් ප්‍රසිද්දයි වගේම ගාන වැඩියිද. නැත්තම් මෙහෙ ඒවා තියන්වාද හොද කන්ඩිශන් එක්ක?

මචං, ස්නෝකල් මෙහෙට අනිවාරෙන්ම වටිනවා! වතුරට වගේම දූවිලි වලටත්. වියළි පලාත් වල යද්දි කොච්චර දූවිලි තියනවාද. ඊට අමතරව, කූල් එයා එකත් එක්ක එන්ජින් එක හොදට වැඩ කරන්වා. මම අවුරුදු දෙකකට කලින් ARB ස්නෝකල් හයි කරා. ඒක නිසා තෙල් හොදට වැඩ කරා වගේම පිකප් එකක් තියනවා කියලා මට තේරුනා. වතුර පාරවල් වල උනත් නිදහසේ යන්න පුලුවන්. ලංකාවේ ඒවා තිබ්බට එච්ච්‍ර රෙකමන්ඩ් කරන්න බෑ. හොද බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් වාහනේටත් හොදයි.  හොද පෙනුමකුත් එනවා!