Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Introduce Yourself: ගෙදරින් Defender පිස්සුවට කියපු කතා!
    Started by surenvihara
    Read 311 times
    Previous topic - Next topic
අඩෝ කොල්ලනේ,

"ලක්ෂ ගණන් දීලා මේ යකඩ ගොඩක් ගත්තේ ඇයි? AC එකත් මදි, තදයි, සද්දෙයි" කියලා ගෙදර අයගෙන් හරි යාලුවන්ගෙන් හරි අහගත්ත නැති එකෙක් නෑනේ!

අලුතෙන් ආපු කොල්ලෝ Introduce වෙන ගමන් කියපල්ලා:

උඹ Defender එක ගනිද්දී ගෙදරින් හෝ යාලුවන්ගෙන් ආපු Funny/Crazy Comments මොනවාද?

ඒ කතා අහලත් Defender එකම තෝරගත්තේ ඇයි?

ආතල් කතා ටික Share කරමු! 🚜

මම ඉතින් මහන්සි වෙලා සල්ලි ටිකක් එකතු කරලා Defender එකක් ගෙදරට ගෙනාපු දවසේ අපේ අම්මා වාහනේ වටේ ඇවිදලා බලලා කිව්වේ:

"යකෝ මේ පරණ යකඩ පෙට්ටියටද උඹ ඔච්චර ලක්ෂ ගණන් වියදම් කළේ? මීට වඩා බස් එකක ගියා නම් සැපයිනේ, මේකේ සද්දෙට අපේ ඔලු ටිකත් පිස්සු වැටෙනවා!" කියලා. 😅

යාලුවෙක් නම් කිව්වේ "උඹ මේක ගත්තේ ඩ්‍රයිවින් පුරුදු වෙන්නද, නැත්නම් ට්‍රැක්ටර් බඳින්නද?" කියලා!

ඒ කතා අහලත් Defender එකම ගත්තේ ඇයි?
අපි ඉතින් ඕවට සැලෙනවද බං? වෙන ඕනම Modern SUV එකක ගියත් නැති අර Gasket සද්දෙයි, Gearing Vibe එකයි, පාරේ අනිත් වාහන ටික පැත්තකට කරලා යන ඒ Raw Power එකයි වෙන කිසිම එකකින් ගන්න බැහැ බං. ඒක වාහනයකට වඩා මරු Lifestyle එකක්!

අලුතෙන් ආපු අනිත් කොල්ලොත් ඉතින් අහගත්ත ආතල් කතා ටිකක් මේකෙ දාමු බලන්න! 🔧🔥