Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,237
Total Topics
647
  • High-Lift Jack එකක් පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න ඕන පට්ටම වැදගත් කරුණු
    Started by ChamalLahiru
    Read 537 times
    Previous topic - Next topic
Machanla, Defender එකක් අරන් off-road යද්දී High-Lift Jack එකක් ළඟ තියෙන එක පට්ටම ශක්තියක් වුණාට, ඒක හරියට පාවිච්චි නොකළොත් මාරම අනතුරුදායකයි. ජැක් එක උස්සලා තියෙද්දී handle එක එකපාරටම පැනලා මූණට හරි අතට හරි වැදුනොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මඩේදී ජැක් එක යටට ලෑල්ලක් හරි base plate එකක් හරි තියන්නේ නැතුව උස්සන්න ගියොත් වාහනේ ඇලවෙලා ඇඟට පෙරලෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම වාහනේ slider/bumper එකේ jack point එක හරියටම lock වෙලාද කියලා බලන්න ඕනේ. ඔයාලා High-Lift jack පාවිච්චි කරද්දී වෙච්ච අත්දැකීම් සහ එකතු කරන්න තියෙන safety tips මොනවාද? 👇

අම්මෝ මචන්, ඔය ජැක් එකෙන් පහර කාපු කොල්ලෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා! ගිය අවුරුද්දේ මඩේදී උස්සන්න ගිහින් ජැක් එක ලිස්සලා ගිහින් Defender එකේ rear door එක හැපුණා. ඒ නිසා හැමතිස්සේම ජැක් එක යටට ලොකු ඝන ලෑල්ලක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේම handle එක පල්ලෙහාට කරද්දී මූණ කෙළින් තියාගන්න එපා! 🛠�