Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,107
Total Topics
591
  • LED ලයිට් බාර් එකක් හයි කරගන්න - මෙතන දන්න මැකෑනික් කවුරුහරි ඉන්නවද?
    Started by David_Christopher
    Read 3,246 times
    Previous topic - Next topic
සහෝ,  රෑ ගමන් වලටයි කෑම්පින් වලටයි මගේ ඩිෆෙන්ඩරයේ LED ලයිට් බාර් එකක් සවි කිරීමට අවශ්‍යයි. යුනිටි ප්ලාසා එකෙන් අඟල් 40 ක රවුම් බාර් එකක් ගත්තා, ඒත් දැන් වයරින් කරගන්න කෙනෙක් ගැන හරි විශ්වාසයක් නැහැ. එලෙක්ට්‍රික් සිස්ටම් එක අවුල් කරගන්න බෑ. මීට කලින් කවුරුහරි මේ වැඩේ කරලා තියනවාද? මම ෆියුස් බොක්ස් එක හරහා යන්නද නැත්නම් බැටරියට සෙට් කරන්නද? ඒ වගේම, ස්විච් එක හයි කරන තැන ගැනත් හිතන්න ඕනේ. සමහරු ඩෑශ්බෝඩ් එකේ හයි කරන්වා ඒත් ඒක ටිකක් අවුල් වගේ. වෙන හොද අදහස්ක් තියනවාද?

මචං, LED බාර් කෑම්පින් වල්ට මරු! මම ගිය අවුරුද්දේ මගේ ඩිෆෙන්ඩර් එකේ හයි කළා. අනිවාර්යයෙන්ම රිලේ එකකුයි ෆියුස් එකයි හරහා වයර් කරන්න, කවදාවත් බැටරියට සෙට් කරන්නේ නැහැ. බොනට් එක යට රිලේ එක හයි කරලා ස්විච් වයර් එක කැබින් එකට සෙට් කරන්න. ස්ව්ච් හයි කරන්න, මම හෙඩ්ලයිට් ස්විච් එක ලග බ්ලෑන්ක් පැනල් භාවිතා කළා. හොද වාහන වයර් හා වෝටපෲෆ් කනෙක්ශන් එකක් භාවිතා කරන්න. ඔයට ශුවර් නැත්තම්, රාජගිරියේ හොද වාහන එලෙක්ට්‍රික් වැඩ කරන කෙනෙක් ඉන්නවා. වයරින් ඔක්ක්කොටම මට රු.1500 වගේ තමා යන්නේ. මුළු පාරම දවල් වගේ තමා එලිය!