Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,531
Total Topics
777
  • කඳු / ට්‍රේල් යන්න කලින් Handbrake එක ගෙදරදීම Adjust කරගන්න ලේසි ක්‍රමය
    Started by Dilan_Fernando
    Read 2 times
    Previous topic - Next topic
මචං, නකල්ස්, හන්තාන වගේ බෑවුම්/ට්‍රේල් තියෙන පාරවල් වල යද්දී handbrake එක weak වෙලා තියෙන එක ලොකු risk එකක්. ගරාජ් යන්නේ නැතුව ගෙදරදීම jack stands දාලා handbrake drum/cable adjustment එක බලාගන්න පුළුවන්.

පොඩි tips ටිකක්:

Wheel chocks අනිවාර්යයෙන් දාලා, gear එකේ තියලා තමයි වැඩේ පටන් ගන්න ඕනේ.

Handbrake lever එකේ clicks ගාණයි, බෑවුමකදී hold වෙන විදියයි මුලින්ම check කරගන්න.

Drum එක ඇතුළේ මඩ/dust එකතු වෙලා තියෙනවද කියලා බලලා clean කරගත්තොත් bite එකත් හොඳට එනවා.

Trail එකකදී හරි steep incline එකකදී handbrake එක නිසා බය වෙච්ච අත්දැකීම් තියෙනවද? කොහොමද ඕගොල්ලෝ ඒක tune කරගන්නේ? 👇