Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,056
Total Topics
568
  • ගෝල්ෆේස් එකේ මරු ඩිෆෙන්ඩරයක් දැක්කා - අයිතිකාරයා මේකෙ ඉන්නවාද?
    Started by NuwanJayasinghe
    Read 3,784 times
    Previous topic - Next topic
මචං ඊයේ හවස ගෝල්ෆේස් ග්‍රීන් එකේ මේ සුපිරි ඩිෆෙන්ඩරය දැක්කා.  තද කොළ පාට වහල රාක්කය, පිටිපස්සේ රෝදය, LED ලයිට් බාර් ඔක්කොම.  මුලින් ඇමරිකාවේ නම්බර් ප්ලේට් තිබුණත් දැන් මෙහෙ විදියට රෙජිස්ටර් කරලා තිබ්බා.
ලෙදර් සීට් සෙට් එකක් සහ අලුත් අයිටම් ටිකක් එක්ක ඇතුල ඔක්කොම අලුතෙන් ගහලා තිබ්බේ.  එන්ජිමත් වෙනස් බීට් එකක් තිබ්බේ. V8 එකක් මාරු කරලාද මන්දා. අයිතිකාරයා පේන්න හිටියේ නෑ
ඇත්තටම මේක ගැන විස්තර දැනගන්න ආසයි. මේකෙ කවුරු හරි ඒක කලින් දැකලා තියෙනවාද? 

අයියෝ මචං මම හිතන්නේ ඔයා කතා කරන්නේ කා ගැනද කියලා මම දන්නවා! කුරුඳුවත්ත හරියේ කිහිප වතාවක් දැකලා තියෙනවා.  ඉංජිනේරු සමාගමක සේවය කරන බ්‍රිතාන්‍ය ජාතික කෙනෙක්ගෙ ඕක. එයා රේන්ජ් රෝවර්  4.6L V8 එකක් තමා ඔය හදලා තියෙන්නේ.
ඇත්තටම ලස්සන පෙනුමක් තියෙන්නේ. ඒත් V8 එන්ජිම සහ වර්තමාන ඉන්ධන මිල ගණන් එක්ක නඩත්තුව නම් ලොකු වියදමක් යනවා ඇති.
මං අහලා තියෙන විඩියට නම් ඇත්තෙන්ම හොඳ මිනිහෙක්. ෆේස්බුක් ගෲප් එකේ ඇති සමහර විට. ටිකක් බලන්න